MY LITTLE SECRET 🤫🤫

368 84 26
                                    

Tae :- ඔයා වගේ නෙමේයි  හෝසොක් මම මං මේ ලෝකෙට ආවේ, මගේ මුළු පවුලටම අවාසනාව  අරගෙන.

" මං ඉපදුණු නිසා මගේ අම්මට මේ ලෝකෙ යන්න වුණා.  අම්මත් එක්කම මගේ නිවුන් සහෝදරියත් අපිව දාලා යන්න ගියා."

" ඔයා දන්නවද? , මං මගේ අම්මාව එකපාරක්වත් මගේ මේ ඇස්දෙකින් දැකල නෑ. දැකලා තියෙනවා නම් ඉතින් ඒ පින්තූර වලින් තමයි.
ඒ අතින් බලද්දී ඔයා ගොඩක් වාසනාවන්තයි. මොකද ,ඔයාට ටික කාලයක් හරි ඔයාගේ අම්මත් එක්ක ඉන්න ලැබුණා.

මට මගේ අම්මා කොයි වගේ කෙනෙක්ද කියලා  දැනගන්න ලැබුනෙත් ,අනිත් අය  එයා  ගැන කියපු දේවල් වලින් විතරයි .

එයාල කිව්ව විදිහට මගේ අම්මට හුඟක් ලස්සන නිල් පාට ඇස් දෙකක් තිබිලා තියෙන්නේ;  ඒ.. ඇස්  හරියට මහ සාගරය වගේ දීප්තිමත්ලු . ඒත් එක්කම එයාට තිබිලා තියෙන්නෙ බොහොම සංවේදි හදවතක්.

ඔය වගේ නොයෙකුත් දේවල් මට  එයාලගෙන්  මගේ අම්මා ගැන දැනගන්න  ලැබුණත් ; ඒ කවුරුත්ම  මට කිව්වේ නෑ අම්මා  ජීවත් වෙලා ඉද්දි  රැකියාව  වශයෙන් මොකක්ද කළේ කියලා.

මට  ඒ ප්‍රශ්නය දිගින් දිගටම මතු වුණත් මං ඒක  කාගෙන්වත් අහන්න ගියෙත් නෑ .

"කොහොම නමුත් ඔයාගේ  වගේම මගේ පවුලෙත්  බිදී යාමට හේතුව  වුණේ නොහිතපු විදිහට  සිදුවෙච්ච බොහොම අවාසනාවන්ත රිය අනතුරක්. එහෙම නේද ?"

  ටේ ගේ  මෙම පැනයට  හෝසොක්  නිහඬවම සුසුම් හෙලන්නට විය .

Tae :- "  ඕක තමයි හෝසොක් හැමෝම දන්න මගේ කතාව, ඒත්.... හැමෝම නොදන්න තව කතාවකුත් මට තියෙනවා."

" පුංචි කාලෙ ඉඳලම මං ගත කළේ හරිම කම්මැලි ජීවිතයක් කම්මැලිකමින්  පිරිච්චි මගේ  ජීවිතයට ටිකක් හරි ජවයක්  ගේන්න පුළුවන් වුනේ ..... නැනී ගේ  කතන්දර වලටයි, මං  play කරපු වීඩියෝ ගේම්ස් වලටයි  විතරයි."

"මට මගේ හිතේ තියෙන දේවල් කියන්නවත්, ඒවා අහන්න වත් කිසිම කෙනෙක් හිටියෙ නෑ.

(නැනී හිටියට එයා ගෙදර වැඩවලට busy  වෙලා ඉන්නෙ )

තාත්තා ඉන්නව තමයි, ඒත් ඉතිං එයාට කොහොමවත්ම   වෙලාවක්  නෑ...මං ගැන හොයලා බලන්න."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now