BEYOND THE CHAMBER

267 61 19
                                    

කාමරය පුරා විදුලි පන්දම් අලෝකය එහා මෙහා යැවූ ටේහෝන්ග් හට එකවරම එහි අභ්‍යන්තරයෙන් සුවිශේෂ වූ යමකගේ සේයාවක් දැකගත හැකිවිය.
බැලූ බැල්මට එය නවීන උපකරණයක් යැයි ටේ හට හඳුනාගත හැකි වුනු නමුදු පන්දම් අලෝකය මද වූ බැවින් එම වස්තුව කුමක්දැයි ඔහු හට හරිහැටි වටහා ගත නොහැකි විය .

කෙසේ නමුත් ඔහු තම පන්දම් අලෝකය කාමරය පුරා නැවත වරක් එහා මෙහා කරමින් බලන්නට වූයේ ....මේ සුවිශේෂි වස්තුවට අමතරව තවත් යමක් එම කාමරය තුලින් ඔහුට සොයා ගත හැකි වේ දැයි සිතමිනි .

ඔහු සිතූ පරිදිම කාමරයෙන් තවත් දේ දක්නට ලැබුණ නමුත් ඒවාද කාමරය තුළ පැවැති ආලෝකයේ අංශු මාත්‍රාව හේතුවෙන් නොපැහැදිලි විය.

මෙලෙස කාමරයේ ඇති බඩු බාහිරාදිය පිළිබඳව පූර්ණ අවධානය යොමු කර සිටි, ටේගෙ අවධානය එකවරම බිදිමින්, කාමරයෙන් විදුරු බිඳෙන හඬක් ඇසී යන්නට වූයේ ටේගෙ ගතත් සිතත් තිගැස්මකට පත් කරමිනි .

ශබ්දය නැගුණු දිශාව වෙත පන්දම හැරවූ ටේ හට වීදුරුව බිඳුනු ස්ථානය අසලින් කිසිවෙකුගේ චලනයක් යාන්තමට මෙන් දැකගත හැකිවූ නිසා ඔහු කාමරයේ තිබූ ජනෙල් රෙද්දක් වැනි යමක් පහළට ඇද දමන්නට වූයේ ... .කාමරය වෙත සම්පූර්ණයෙන්ම සූර්යාලෝකය වැටෙන පරිද්දෙනි.

කාමරය පුරා පෙර පැවැති; අඳුර බවත්. මායාකාරී ස්වභාවයත්. බිඳ දමමින් සූර්යාලෝකය කුටිය පුරා බැබළෙන්නට වූයේ එහි ඇති වූ සියලුම වස්තූන් හොඳින් දෘශ්‍යමාන වන පරිද්දෙනි.

එවිට ; ටේහෝන්ග් හට එකවරම දැකගත හැකි වූයේ... විදුරු බිඳුනු ස්ථානය අසලින් කුඩා මී පැටවුන් දෙදෙනෙකු එකිනෙකා පරයමින් කෙළි සෙල්ලමෙහි නිරත වන අයුරුය.

හ........( දිගු සුසුමක් හෙලමින්)

" මේ පුංචිම පුංචි මී පැටවු දෙන්නෙක් නේ, අම්මේ..... මං බය වුණු තරමක්."

යනුවෙන් පවසමින් ටේහෝන්ග් , මද සිනහවක් නගන්නට වූයේ සුළු මොහොතකට පෙර තමා බියට පත් වූ ආකාරය සිහියට නගා ගනිමිනි .

"දැන් බලමු හරියටම මේ කාමරේ ඇතුලේ මොනවද තියෙන්නෙ කියලා."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now