🧑 DISAPPEAR 🚐

173 44 22
                                    


JK:- "  ඒත් හියොන්ග් ; සර්  අපිට පොරොන්දු වුණානේ  අපේ  හීන හැබෑ කරගන්න එයා අපිට උදව් වෙනවා කියලා."

" එහෙම නේද ?, 😩😩
එයා ....... මේ විදියට ඉස්කෝලෙන් අයින් වෙලා ගියොත් ......  එයා අපිට දුන්න පොරොන්දු වලට මොකද වෙන්නෙ ?."

jungkook මෙලෙස  යම් යම් දේ විමසුව ද , ටේහෝන්ග් හට නම් ජන්කුක් විමසූ  ප්‍රශ්නවලට දීමට තරම් නිසි පිළිතුර ඔහු සතු නොවීය.

ඊට හේතුව;  තම සොහොයුරන්ගෙ මේ  සිත් වේදනාවට වගකිව යුත්තා  තමා බවට ඔහුගේ සිත  ඔහුට පුන පුනා පැවසූ නිසාවෙනි.

ජන්කුක්  මෙන්ම සෝක්-ජින්, යුන්ගි හා නම්ජුන්  ඇතුළු ඔහුගේ අනෙක් සොයුරන් සියල්ලම වරින් වර  ගොස් මුණගැසුනු ටේහෝන්ග් හට දැක ගත හැකි වූයේ , වෙනදා මෙන්  සිනහවලින් බබලන  ඔවුන්ගේ මුහුණු වෙනුවට;  කනස්සල්ල නිසා මැලවී ගිය මුහුණු පෙළකි .

යම් දිනෙක තම සිහින යථාර්ථයක් බවට පත්කර ගනිමින් ;  ගගනගාමින් හා තාරකා විද්‍යාඥයින් බවට  පත් වීමට ටේහෝන්ගෙ මෙන්ම ඔහුගේ මිතුරන් තුළද  තිබූ  සුපහන් බලාපොරොත්තුවකි.

නමුත් දැන් මේ ඇතිවී ඇති තත්වය තුළ එය මුළුමනින්ම සිහිනයකට පමණක්ම සීමා වී ඇත .

ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු තැනැත්තා  තමාම නොවේද ? ,  යනුවෙන් ටේගේ සිත නිතරම ඔහුගෙන්  ප්‍රශ්නයක් කරයි.

-------------------------------------------

පාසල හැරී,  හකුළාගත් මුහුණින්ම ටේහෝන්ග් , බස් රියෙන් බසින්නට වූයේ  නිවස ආසන්නයේම ඇති  බස් නැවතුම්පළ අසලිනි .

පාර මාරු වීම සඳහා....... පාරේ දකුණු පසින් වමටත්, වමෙන් දකුණටත් ගමන් කරන  වාහන දෙසත් විමසිල්ලෙන් බලා සිටි ටේහෝන්ග්  හට ;  පාරේ ඉදිරිපසින් එළවළු ගැනීම සඳහා පොළට ගොස් පැමිණි මැගී.... තම බඩුමලු ද  සමගින් පාරේ සිටගෙන සිටින  අයුරු දැකගත හැකි විය.

එකවරම ඇය දුටු විගස පාරේ.....ඇයට ඉදිරිපසින් සිටි ටේහෝන්ග් සිනහසෙමින් තම එක් අතක් ඉහළට ඔසවමින් වනන්නට වූයේ ........නැනී ......නැනී යනුවෙන්  හඬ නගා කෑ ගසමින්   ඇයගේ අවධානය ඔහු වෙත දිනා ගැනීම පිණිසය .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now