🗿THE REFLECTION 🗿

204 54 39
                                    

වසන්ත නිවාඩු හමාර වී ටේහෝන්ග් යළිත් සුපුරුදු පරිදි තම පාසල් ගමන ආරම්භ කළේය.

නමුත් මෙවර ඔහු තුළ වෙනදා නොදුටු  වෙනස්කම් රාශියක් දක්නට තිබිණි.

විටෙක උද්යෝගිමත්ව  මිතුරන් සමග කාලය ගත කරන ටේහෝන්ග් ;  තවත් විටෙක කල්පනාවේ නිමග්නව තම කාලය ගත කරන්නට විය.

ඔහුගේ මෙම නව වෙනසට ප්‍රබලව බලපා  ඇත්තේ  වසන්ත නිවාඩුවේදී  ඔහු සොයාගත් නව හෝඩුවාවන් ය.

සාමාන්‍ය පරිදි පාසලේ දී කාලය ගතකරන ඔහු එකවරම තම ගෙලෙහි පැළැදි  මාලයත්  සමඟම කල්පනා ලොවක අතරමං වන්නේ ඔහුටත් නොදැනීම ය.

මේ හේතුව නිසා දැන් දැන් ඔහු හට ගුරුවරුන්ගෙන් පවා ද , එල්ල වන විවේචන ද,  වෙනදාට වඩා දරුණු විය.

ඇතැම් මිතුරන් ඔහු හට  මේ නිසා විහිළු තහළු ද  සිදු කළේ  ඔහුගේ සිත නිවාඩු සමයේ දී කිසියම් යුවතියක් විසින් සොරාගෙන ඇති බවටද  පවසමිනි.

නමුත් ටේගෙ  සිතෙහි නම් සෑම විටම සක්මන් කරන්නට වූයේ , තමා සොයාගත්  නව රහස මිතුරන් හට පවසනවා ද නැතිනම් තවදුරටත් එය  ඔවුන්ගෙන් සගවාගෙන සිටිනවාද යන්න පිළිබඳව  දෙගිඩියාවකි.

විටෙක ඔහුගේ සිත;

" මං මේ ගැන හියොන්ග්ලාට   කියනවා ."

"එක්කො නෑ."

" මං මේක එයාලට  කිව්වොත් එයාලා මාව  විශ්වාස කරන එකක් නෑ.  එයාලා  හිතයි මට පිස්සු කියලා ."

" එක්කෝ නෑ ,  මං නිවාඩු කාලේ හොයා ගත්ත  හැමදේම එයාලට කියනවා."

යනුවෙන් මෙලෙස ඔහු සිතුවිලි සමුදායක්  ගැටිණි.

  පසුව අවසානයේ දී ඔහු තමා සොයාගත් සියල්ලම තම මිතුරන් හට පැවසීම සඳහා  අදිටන් කර ගත්තේ....   තම ගෙලෙහි ඇති  යතුරු මාලය තම අතේ ඇඟිලි අතර රඳවා ගනිමින්ය .

මෙවරද ඔහු එලෙසින්ම තම මාලය අත්ලට තද කරගනිමින් සිතන්නට සැරසුන නමුත් ඔහු හට එකවර ම හැඟී ගියේ...... මාලය , තව දුරටත් ඔහුගේ ගෙලෙහි  නොමැති බවයි.

පසුව ක්ෂණයෙන් ;  ඉමහත් කලබලයට පත්වූ ටේහෝන්ග් , තමා අසුන්ගෙන සිටි ස්ථානයෙන් නැගිට වටපිට බලන්නට වූයේ..... තම පන්තිභාර ගුරුවරිය ඇතුළු සියලූම ශිෂ්‍යයන්ගෙ අවධානය ඔහු වෙතට ඈඳා ගනිමිනි .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now