STORY Of MY LIFE ♿ 👦

359 86 38
                                    

Jh: -" ඒ කෙනා වෙන කව්රුත්  නෙමෙයි , මගේ මල්ලි jung jaewon"

"එය දැන් හිටියනම්..එයාත් හරියටම  ඔයාගේ වයසේ ,ඔයා වගේමයි "

Tae :- " එයා දැන් හිටියනම් කියලා කිව්වේ ......,ඇයි එයාට මොනවා වෙලාද ? "

Jh:- " හ......,මීට අවුරුදු ගාණට කලින් සිදු වෙච්ච කාර් අනතුරකින්  එයා අපිව දාලා යන්න ගියා , මාව ආබාධිතයෙක් කළෙත් ඒ අනතුරමයි."

Tae:- " මට කනගාටුයි hoseok,ඒවගෙම මට සමාවෙන්න ඔයාගෙ අතීතෙ ගැන හාර අවුස්සනවට "

"ඒත් මේ......ඔයාගෙ....අකමැත්තක් නැත්තම් ඔයාගෙ මල්ලිගෙ පින්තූරයක් මට  පෙන්නන පුලුවන්ද? "

" මං ....මේ....නිකං....මට බලන්න ආස හිතුනා, මොකද....එයා මං වගේමයි කියපු නිසා "

Jh:- " මටත් ......ඔයාට එයාගේ පින්තූරයක් කැමැතෙන්ම පෙන්නන්න තිබුණා ,එයා අපි වගේම ජිවමාන කෙනෙක් වුනානම්."

Tae :- " ජීව....මාන කෙනෙක් වුනා....නම්  කියලා කිව්වේ "

Jh:- " මං එහෙම කියන්න හේතුව ,එයා කවදාවත්ම මේ ලෝකේ අපිත් එක්ක ජීවත් වුනේ නැති නිසයි . එයාව අපිට නැති වුනේ අම්මාගේ බඩේ ඉද්දිමයි."

" ඒත් , මං මගේ මනසින් එයා බිහි වෙනවා දැක්කා , එයා උස් මහත් වෙනවා , කනවා බොනවා ,මාත් එක්ක සෙල්ලම් කරනවා , කතා කරනවා ; මේ හැමදෙයක්ම මං දැක්ක "

" එනිසා අනිත් අයට එයා මැරුණු  කෙනෙක් වුණත්  මට එයා හැමදාමත් ජීවමාන  කෙනෙක් වුණා"

" මම මනසින් දැක්ක රූපයට ඇත්තටම  ගොඩක් සමානයි ටේහොන්ග් , ඔයාගේ  ඔය පෙනුම. ඒකයි මං  ඔයා මගෙ මල්ලි වගේමයි කියලා කිව්වේ"

හෝසොක්ගෙ මෙම  වචන වලට ටේහොන්ග්ගෙ ඇස්  අගින්  කදුළු එකින් එක වැටෙන්න පටන්  ගත්තත් ඔහු හෝසොක් ගැන  සිතමින්   ඒවා  වලක්වා ගන්නට දැඩි පරිශ්‍රමයක් දැරීය.

Tae :- "  ඒක නෙමේ හෝසොක් ,ඔයා  ඉස්කෝලේ යන්නෙ එහෙම නැද්ද ?"

ටේ  මෙලෙස එකවරම හෝසොක්ගෙන්  අසන්නට  වූයේ ඔහුගේ අවධානය වෙනත් මාතෘකාවක් වෙත යොමු  කිරීමට සිතා ය.

Jh:- " කලින් නම් මම ඉස්කෝලෙකට ගියා.  ඒත් ඒක මට එච්චර හොඳ තැනක් වුණේ නෑ."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now