🍬🍭SWEET DREAMS ❤

183 42 6
                                    

ටේහෝන්ගෙ හදිසි අතුරුදහන් වීම පිළිබඳව පොලීසියට දැනුම් දීමට සූදානම් වී  සිටි සම්දොන්ග් ,  එකවරම තම  අවධානය යොමු කරන්නට වූයේ .......  තම නිවසේ ඉදිරිපස දොරටුව දෙසින් එන අඩි ශබ්දය කාගේ දැයි සැකහැර  ගැනීමටය.

එකවරම  තම එකම පුතුගේ  අනපේක්ෂිත පැමිණිම දිටි සම්දොන්ග්, ටේහෝන්ග් වෙත දිව යන්නට වූයේ  තම අතෙහි වූ ජංගම දුරකතනය ද  සෝෆාව මතට විසි කර දමමින් ය. 📱📱📱

මැගී ද එලෙසම ටේහෝන්ග්  වෙත දිව යන්නට වූයේ....ටේගේ  හදිසි පැමිණීම නිසා හටගත් සතුටු කඳුළු ද  දෙනෙතින්  වගුරුවාලමිනි.

Magi :- " Taehyng පුතේ !..... ඇයි ඔයා ඊයේ  ගෙදර ආවේ නැත්තේ?.
ඔයාට මොකක්  හරි කරදරයක් වත් වුනාද ?."

" කෝ  බලන්න. ඔයාට  මුකුත් තුවාලයක් එහෙම නෑ නේද?.

මූණත් හොඳටම ඇදිලා ගිහිල්ලා."

යැයි පවසමින් මැගී  ටේහෝන්ග්ව  පරික්ෂා කර බලන්නට වූයේ...... මවක් තම කුසින් වදාපු දරුවෙකු දැඩි ආරක්ෂාව යටතේ ප්‍රවේසම් කරන පරිද්දෙනි.

නමුත් ටේහෝන්ග් ඊට මද  සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වන්නට වූයේ,  තමාට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව ඇඟවීමටය.

  නමුත් එයින් නොනැවතුණු මැගී , ටේහෝන්ගෙන්  දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූ නිසා,  මෙතෙක් වෙලා නිශ්ශබ්දයෙන්  ඔවුන් දෙස බලා සිටි ටේගේ පියා,  මැගී හට  අතින් සන් කරමින්;  ප්‍රශ්න ඇසීම නවත්වන ලෙසට පැවසීය .🤚🤚

ඒ .......මේ වන විට ටේහෝන්ග් , එම  ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා සුදුසු  තත්වයක නොමැති බවට ඔහු හට  වැටහී ගිය නිසාවෙනි.

Somdong :- " පුතා!........ ඔයා දැන් උඩට ගිහින් වොෂ් එකක් දාගෙන පහලට එන්න.
අද අපි තුන්දෙනාම එකට රෑ කෑම ගමු ."

සම්දොන්ග්  හටද ටේහෝන්ගෙන්   අසාදැනගැනීමට  නොයෙකුත් දේ  තිබුණද , ඔහු ඒවා  ඇසීමෙන් වැලකී සිටියේ..... ඔහුම ටේහෝන්ගෙන් මේවා අසා දැන ගන්නවාට වඩා,  ටේහෝන්ග්  විසින්ම ඔහු හට නිසි කාලය පැමිණි විට, මේ  සියල්ල පැහැදිලියි කරාවි යැයි ඔහු හට විශ්වාසයක් තිබු බැවිනි .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now