BTS

159 22 46
                                    

ඔන්න මං පොරොන්දු වුණ විදිහටම ඇල්ෆා Behind the story එක අරගෙන ආවා.🤗🤗

-----------------------------------------------

ඇල්ෆා ගැන මුලින්ම කිව්වොත් ඇල්ෆා කියන්නේ මගේ පළමුවෙනි watta pad fiction එක .

හැබැයි ඇල්ෆා මං ලියපු මුල්ම පොත නම් නෙමෙයි .

මං පොත් ලියන්න පටන්ගත්තේ 8 වසරෙදි. මට මතක විදිහට.... ඒ 2013 දී විතර වෙන්න ඕන.

ඒත් ඇල්ෆා කියලා පොතක් ලියන්න මට idea එකක් ආවේ 2015 දී. ඒකට ප්‍රධානම හේතුව වුණේ මං කියවපු පොතක් .
ඒක ඇත්තටම පිටසක්වල ජීවීන් සහ Area 51 ගැන ලියවුණු පොතක්. පිටසක්වල ජීවින් ගැන දන්න අය නම් දන්නවා ඇති මොකක්ද මේ Area 51 කියන්නේ කියලා .

මට මං කියවපු පොතේ නම නම්... හරියටම මතක නෑ , ඒත් ඒ පොතේ තිබුණු කරුණු නම් මගේ හිතේ , ගලක කෙටු අකුරු වගේ තැන්පත් වෙලා තිබුණා .

ඉතින් ඒ පොතේ තිබුණු දේවල් සාරාංශ කරලා කිව්වොත් ; ඒ පොතේ තිබුණේ ; පිටසක්වල පැහැර ගැනීම්,පිටසක්වල යානා, නාසා ආයතනය පිටසක්වල ජීවින් ගැන කරපු පරීක්ෂණ වගේ දේවල් ගැන . ඔයා අතරිනුත් මගේ හිත වැඩිපුරම ඇදිලා ගියේ ඒ පොතේ තිබුණු පිටසක්වල පුනරුත්පත්තියක් ලබපු, අවුරුදු 9 ක් වයස ළමයෙකුගේ කතාවකට.

මං මීට කළින් පුනරුත්පත්තිය ගැන අහලා තිබුණට පිටසක්වල පුනරුත්පත්තියක් ගැන අහපු පළමු අවස්ථාව තමයි ඒ. ඉතින් ඒ හින්දා ඒ කතාවට මගේ හිත මාරම විදිහට ඇදිලා ගියා . කොටින්ම කිව්වොත් මට ආසාවක් ඇති වුණා ඒ ගැන චිත්‍රපටයක් හදන්න 😂 . මොකද මං කොච්චර නම් චිත්‍රපට බලලා තිබුණත් ඒ විදිහේ චිත්‍රපටයක් මං කවමදාකවත්ම බලලා තිබුණේ නැති නිසා .

ඒත් ඉතින් මොනවා කරන්නද, ඒ වෙද්දී මම අවු 16 පොඩි ළමයෙක් .

ඉතින් මං හිතුවා ඒ වෙනුවට ඒ ආශ්‍රිතව කතන්දරයක් ලියන්න .

ඒත් ඒකටත් මට මගේ A/L exam එක හරස් වුණා . ඉතින්....මට මගේ මේ පිටසක්වල කතාව exam ඉවර වෙනකම්ම හිතේ තියන් ඉන්න වුණා .🥲

පස්සේ A/l ඉවර වෙලා මං පොතකුයි පෑනකුයි අරගෙන මගේ කතාව ලියන්න පටන් ගත්තා .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now