ASTRONOMY 👩‍🚀👩‍🚀

350 83 12
                                    

Tae :- " බොත්තමක් "

Magi :- " ඔව් දරුවෝ බොත්තමක් තමයි ,මං ඔයාට අනන්තවත්  කියලා තියෙනවා නේද ? Shirts වල බොත්තම් ගැලෙවුනාම   ඒවා අයින් කරන්නේ නැතුව මට මහන්න දෙන්න කියලා "

Tae :- " ඒත් ...... නැනී ..... මේ බොත්තම මගේ ෂර්ට් එකක බොත්තමක්  නෙමෙයි නේ"

Magi :- "  මොකක් ඔයාගේ නෙමෙයි නම් වෙන කාගෙද ?, අනිත් එක කොහොමද මේක ඔයාගේ කාමරේට ආවේ ?.

පසුව ටේහොන්ග්  තම අත්ලේ  වූ කමිස බොත්තම හොඳින් නිරීක්ෂණය කරන්නට විය .

Tae :- " බොත්තම නම් ......මගෙ  නෙමෙයි  නැනී .ඒත් මට මේ බොත්තම හොඳට හුරුයි  වගේ.

ආ ........සමහරවිට තාත්තගේ වෙන්න ඇති .කලින් එයා මගේ කාමරේට ආපු වෙලාවේ එයාගෙ  කමිසයෙන් වැටෙන්න ඇති .
------------------------------------------------------

morning ........🔆🔆

"සුභ උදෑසනක් ළමයිනෙ"

Stanton උසස් පාසලේ  st. helena ප්‍රධාන ශාලාවට රැස් ව සිටි සිසුන් හට විදුහල්පති ටෝනි ග්‍රිබ්ස් මහතා ආචාර කරන්නට විය.

විදුහල්පති තුමා මෙසේ ප්‍රධාන ශාලාවේ වේදිකාව උඩට වී තම කතාව ආරම්භ කරන විට දී පාසලේ අනෙකුත් විෂයයන්ට අදාළ ගුරුවරු පාසල් වේදිකාව උඩ සිට ඔවුනට වෙන්කර තිබූආසන වල හිඳ සිටින අයුරු දක්නට ලැබී ය .

" ඔයාලා හැමෝම දන්නවනේ, අපි අද මේ රැස්වෙලා ඉන්නේ අපේ පාසලේ නව වසරේ පළමුවැනිම  ප්‍රධාන රැස්වීමට  කියලා "

"පාසලේ වැඩපිළිවෙළ ගැන මං විශේෂයෙන් සඳහන් කිරීම අනවශ්‍ය වුණත්,  පාසලට මෙම වසරේදී සිසුන් බොහෝ පිරිසක් අලුතින් ඇතුලත් වෙලා ඉන්න නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"පාසලේ වැඩපිළිවෙළ ගැන මං විශේෂයෙන් සඳහන් කිරීම අනවශ්‍ය වුණත්,  පාසලට මෙම වසරේදී සිසුන් බොහෝ පිරිසක් අලුතින් ඇතුලත් වෙලා ඉන්න නිසා... මං හිතුවා අපි පාසල් වැඩපිළිවෙළ පිළිබඳව ළමයින්ව  අලුතින් දැනුවත් කළොත් හොඳයි කියලා."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now