👹️LUCIFER 👹️

256 53 36
                                    

Tae :- " තාත්තේ ........මං තාත්තාගෙන්  දෙයක් දැන ගන්න තියෙනවා."

Dad:- " ඔව් කියන්න ටේහෝන්ග් ."

Tae :- " තාත්තේ ......ජිමින් ......  එයාට මුකුත්  ප්‍රශ්නයක් එහෙම  නැහැනේ."


Dad :- " ආ..... එයා ගැන ඔයා  දුක් වෙන්න එපා පුතා.  එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ ,   පොඩි තුවාල වගයක් නම් වෙලා තියෙනවා , ඒත් ලොකු අවුලක් වෙලා නෑ ,  එයාවත් දැන්  එහා කාමරේට දාලා...... ප්‍රතිකාරය කරන ගමන් ඉන්නේ.
ඒ නිසා ඔයා ඒ ගැන දුක් වෙන්න එපා ..........

Tae :- " හ්ම්.........( දිගු  සුසුමක්  පිට කරමින් )
එහෙමද ? ; ඒකත් හොඳයි."

" තාත්තේ ඒත් මේ..... ජිමින්....."


යනුවෙන් ටේහෝන්ග්  තම පියා හට යමක් පැවසීමට තැත් කළ විට දී ඔහුගේ පියා එය  වලක්වාලමින් මෙසේ පවසන්නට විය.


Dad :- "   මං දන්නවා ඔයා මට දැන් මොකක්ද කියන්න හදන්නේ කියලා .

ඒ වගේම මම දන්නවා මේ වෙච්ච දේවල් වලට ඔයාගේ කිසි වැරද්දක් නෑ කියලත්. "

Tae :- "  ඒත් තාත්තේ මම......"

Dad:- "ෂ්.....  ඔයා මට   මුකුත්ම කියන්න ඕනෙ නෑ.

මට  හැමදේම නංගි කිව්වා ජිමින්  දැන් හුඟක් කාලෙක ඉඳන් අසනීපයෙන් ඉන්නේ  කියලත් ,  මේ සිද්ද වෙච්ච  හැමදේටම  වගකියන්න ඕනේ එයා කියලත්  ,  ඒ වගේම ඉස්කෝලෙන් තහනම් කරලා  තියෙන බිල්ඩිමකට  යන්න ඔයාව පෙළඹවැව්වෙත් ජිමින්   කියලා මං දන්නවා.

ඒ නිසා ඔයා මට තව මොකුත්ම කියන්න ඕනෙ නෑ."

" ඒ වගේම ආන්ටි  ඔයාට කියන්න කිව්වා එදා  සිදුවෙච්ච හැම දේකටම ජිමින් වෙනුවෙන් එයා ඔයා ගෙන් සමාව ඉල්ලනවා කියලත් , ඒ වගේම එයාට ඔයාව බලන්න මේ වෙලාවේ එන්න ඕනකම තිබ්බත් එයාට එන්න  වෙන්නේ නැති එකටත් සමාවෙන්න කියලා කියන්න කිව්වා.

මොකද ඔයා දන්නවනේ පුතා ජිමින්  ඉන්නේ හොඳ තත්වයකින්  නෙමෙයි කියලා.
ඉතින් මේ වෙලාවේ ආන්ටි එයා ළගින්ම  ඉන්න  එක අත්‍යවශ්‍යයි . එහෙම නේද?."

හ්හා........  ( දිගු  සුසුමක් හෙළමින් )

" පව් අසරණ කොල්ලා..... යක්ෂයා එයාගෙ ආත්මයට සම්පූර්ණයෙන්ම අරක්ගෙන"

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now