THE FATE 👽👦

118 31 8
                                    

ටේහෝන්ග්  හට තම නෙත් අග ඇති කඳුළු බිදු වලට හේතුව දැන්  සක් සුදක් සේ පැහැදිලිය.

තමා හට දින  ගණනාවක් පුරාවට වද දුන් තම  පෙර ආත්ම බවයේ අබිරහස හෙළි වූවාට පසු වුවත් ඔහුගේ හිතේ ඇති සංකාවන්ගෙන් නම් කිසි අඩුවක් නොවීය .

ඒ වෙනුවට අලුතින් බර  කන්දරාවක් තම ශිර්ෂය මතට  කඩා වැටුණාක් මෙන් ටේහෝන්ග් හට දැනෙන්නට විය.

රෙකෝඩරයේ  පටිගතව තිබූ..... තම හඬට සවන් දීමෙන් අනතුරුව ටේහෝන්ග් කතා කිරීම සඳහා වචන තෝරා ගත්තේද ඉතා අසීරුවෙනි.

Taehyng :- " හ්හා ..........(සුසුමක් හෙලමින්)

බො......හො.....ම .....ස්තූතියි doctor  dimitri කරපු උපකාරයට."

Dimitri :- " මං දන්නවා taehyng , රෙකෝඩරයේ තිබුණු  දේවල් එකපාරටම අහන්න ලැබෙද්දී ඒ දේවල් කාටවුණත්  අදහාගන්න බැරි බව. හැරත් ඒ වගේ අමුතු දෙයක් තමන් ගැනම දැනගන්න ලැබෙද්දි.

ඒ නිසා දැන් ........ හොඳ ළමයා වගේ මේ වතුර වීදුරුව බීලා ටිකක් සන්සුන් වෙන්න බලන්න."

" මං දන්නවා දැන් ඔයාට ඔයාගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා වගේම,  අලුතෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නත් ඇති ."

Jefferson :- " දැක්කනේ ටේහෝන්ග් ,  බලන් යද්දී ' Alpha' කියන නමත්  තෙක්ක ඔයාට තියෙන්නේ එසේ මෙසේ සම්බන්ධයක්.

  ඇත්තටම කිව්වොත් මුලදී මං ඔයාව හොයාගෙන ආවෙ නම්..... ඔයා මගේ අක්කගේ පුතා ඒ නිසා ඔයාව මං මගේ පරීක්ෂණවලදි සහායකයෙක් විදිහට ගන්නවා කියන බලාපොරොත්තුවෙන්.

ඒත් .........දැන් ......බලාගෙන යද්දී   තාරකා විද්‍යාවයි , ඔයයි අතරේ  තියෙන්නේ අපේ ඥාති සම්බන්ධයටත්  වඩා ලොකු බැඳීමක්.

මං හරි නේද පිටසක්වල කුමාරයෝ!......" 😁

යනුවෙන් ජෙෆර්සන් , ටේහෝන්ග්ගෙන් විමසන්නට   වූයේ  සරදම් ස්වරයකිනි .

Taehyng :- " uncle , plz ඕක නවත්ත ගන්න . මට ඇහෙන ආයෙත් නම් ඔය 'පිටසක්වල ' කියන වචනෙ  කියන්නවත් එපා!.

මගේ කන් දෙකට  මට අද අහන්න ලැබුණු දේවල් තාමත් හීනයක් වගේ..... මේ වෙච්ච දේවල් එකපාරටම මට දරා ගන්න එක  අමාරුයි.
-
-
-
-
-
-
-
-

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now