🕎 ANSWER ✝️

211 44 59
                                    

වේලාසනින්ම නිවසින්  බැහැර වුවද ,  තමා කොහේ කොතැනක ට යා යුතුදැයි ටේහෝන්ග්  හට කිසිදු වැටහීමක්  නොවීය.

නිවසින් පිටත බොරළු අතුරා ඇති ගුරු පාර දිගේ ඉදිරියට ඇදුනු  ටේහෝන්ග් , එකවරම නතර වී  බලා සිටින්නට වූයේ jung hoseok ගේ සුවිසල් මැදුර දේසය . 🏰🏰

එම නිවසේ උඩු මහලේ ඇති බැල්කනිය  දෙස මඳ  වේලාවක් බලා සිටි ටේහෝන්ග් , දිගු සුසුමක් පිට කරමින් යළිත් බොරළු  පාර දිගේ ඉදිරියට පිය මනින්නට වූවේය .

මෙලෙස සැතපුම්  ගණනාවක් ඉදිරියට ඇවිද ආ ටේහෝන්ග් , යළිත් ඔහුගේ දෙපා නතර කරන්නට වූයේ......

' THE GATE OF HAVEN '

යනුවෙන් සඳහන් කර ඇති විශාල ගේට්ටුවක් ඉදිරිපිටදීය.

යනුවෙන් සඳහන් කර ඇති විශාල ගේට්ටුවක් ඉදිරිපිටදීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගේට්ටුව ඉදිරිපසට වී.... ඉන් එහා දිස්වන සොහොන්කොත් දෙස බලා ඉදිමින් ටේහෝන්ග් මෙසේ පවසන්නට වූයේ....... උණුසුම් කඳුළු වලින් තම දෑස් බොඳ කර ගන්නා ගමන් ය .

"මට සමාවෙන්න අම්මේ !....."

"මේ වෙලාවේ,  මට ඔයාට මුහුණ දෙන්න විදිහක් නෑ ."

"මට ඒකට සමාවෙන්න."

-------------------------------------------

බොහෝ වේලාවක් මුළුල්ලේ ඇවිදින මළ කදක් සේ පාරේ එහා මෙහා ගමන් කළ ටේහෝන්ග් ,  යළිත් වරක් ගොස් නතර වන්නට වූයේ..... තවත් එවැනිම විශාල ගේට්ටුවක් ඉදිරිපිටදීය .

නමුත් එය පෙර මෙන් මළවුන් සඳහා විවෘතව පවතින දොරටුවක් නොව , ජීවත්ව සිටින්නන් සඳහා විවෘතව පවතින විශාල දොරටුවකි.

ගේට්ටුව දෙසත්,  ගේට්ටුවෙන්  එහා ඇති ගොඩනැගිල්ලේ  මුදුනින් දිස්වන  අලංකාර කුරුසිය ලකුණ දෙසත් වරින්වර බැලු ටේහෝන්ග් ,  ගේට්ටුවෙන් ඇතුලට පියනගන්නට වූයේ ........දේවස්ථාන සීනූවෙන් කෙරෙන ආරාධනාවත් සමගය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now