♥️LITTLE BUDDY 🎁

301 77 16
                                    

Taehyng ඔහු හට hoseok විසින් ලබා දුන් කඩදාසි  පෙට්ටිය වෙත තම සවන් යොමු කර සිටියදී   ඔහු හට  ඇසෙන්නට වූයේ යමකු විසින් නින්දෙන් ගොරවන හඬකි.

මෙතරම් කුඩා පෙට්ටියක් තුළින් මිනිසකු නින්දෙන් ගොරවනවා  මෙන් ශබ්දයක්  ඇසෙන්නට වූ නිසා ටේ  එයින් මවිතයට පත්විය.

මන්දයත් ඔහු හට මෙතුළ කිසියම්  වූ භයානක  සතෙකුගේ  සේවාවක් ඇති බවට හැඟී ගිය බැවිනි .

"මේක ඇතුලේ කොටි පැටියෙක්වත් ද ?,මෙච්චර හයියෙන් ගොරවන්නේ."🤔🤔

" නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ , j hope හියොන්ග්  විහිළුවටවත් මට එහෙම තෑග්ගක්  දෙන එකක් නෑ."

" බැරිවෙලාවත් magic box එකක් වත් ද .....?"

"අනේ ඔයාට පිස්සුද ටේහෝන්ග් . එහෙම ඒවා තියෙන්නේ චිත්‍රපටි වල විතරයි . "

" සමහරවිට පොකට් රේඩියෝ එකක් වෙන්න ඇති,  ඔව් ඔව්  එහෙම වෙන්න ඕන ."

මෙලෙස ටේ  තමාට ම යම් යම් දේ පවසා ගනිමින් ඔහුගේම  සිතිවිලි සමග අරගලයක යෙදෙමින් ඉදිරියට ගමන් කරන්නට වූවේය.

🧑 :- " නෑනී ......මං ගෙදර       ආවා... "

👵:- " හානේ, winter bear මොකද අද ටිකක් පරක්කු වුනේ ."

🧑 :- " මම .....එන ගමන් j hope හියොන්ග්ලා  ගෙදර ගියා."

👵:- "  කාගෙ ගෙදරද කිව්වේ, එතකොට .....මොකක්ද j hope හියොන්ග්  කියන්නේ."

🧑 :- " අයියෝ නැනී  මොකක්ද නෙමෙයි , කවුද කියලා අහන්න ."

" j hope hyung ගැන තමයි මං එදා ඔයාට කිව්වේ ; අර මට දැන් අයියා කෙනෙක් ඉන්නව කියල ."

" හෝසොක්  තමයි එයාගේ නම."

👵 :- "  එතකොට මේ...
හියොන්ග් කියලා කියන්නේ කවුද ?."

🧑  :- " අයියෝ නැනී  හියොන්ග් කියන්නේ කොරියන් වලින් අයියා ට නේ "

👵: - " ආ ඒකත් එහෙමද?."

" එතකොටත් ටේ , මොකක්ද ඔය අතේ තියෙන බොක්ස් එක"

🧑 :- "  අනේ දෙයියනේ, මගේ චීස් බෝලෙ ප්‍රශ්න පත්තරයක් වෙලා නේ ,  ඇත්තමයි නැනී  තව  කොච්චර නම් ප්‍රශ්න අහන්න හිතන් ඉන්නවද මගෙන්  ඔයා ?."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now