👩 WOMEN 👩

128 36 27
                                    

" ටේහෝන්ග් ! , කවුද ටේහෝන්ග් කියලා  කියන්නේ ? මගේ නම 'Alpha'....."

Alpha ?.......

"ඔයා  ඔය කියන 'ටෝරන් ' කියන කෙනාව මම අඳුරන්නෙ නෑ."

" යානය පෘථිවියට කඩාගෙන වැටුනේ මගේ වැරැද්දෙන් .

අනේ ! ..... ඔයාලා කොහෙද?,  seras,  gongo, chiron  ඔයාලා හැමෝම හොඳින්ද ?......

මට සමාවෙන්න.  ඔයාලාට මෙහෙම සිද්දවුණේ මං හින්දයි.

මට තිබුණෙ එහෙම නොකර ඉන්නයි." 😪😪

" හෝව් ....හෝව්.... ටේහෝන්ග්  සන්සුන් වෙන්න.  නෑ ....නෑ.... මං කිව්වේ 'Alpha' ! ,  දැන් ඔයා කලබල නොවී සන්සුන් වෙන්න.

ඔයා ඔය කියන චීරෝන්ලා,  ගොන්ගෝලා  ගැන .....මං  දන්නේ නැති වුණත්....... මං හිතන්නේ මට පුළුවන් ඔයාට උදව් කරන්න.

ඒත් ඊට කලින් මට ඔයා ගැන හරි විස්තරයක් කරලා ඉන්න;  ටිකක් සන්සුන්ව."

" ඒත්..... ඔයා කවුද ?, ඇයි මං මගේ විස්තර ඔයාට කියන්න ඕන?."

" මේ අහන්න ඇල්ෆා !..... ,  මම තමයි දිමිත්‍රි.  දිමිත්‍රි ගගාරින් .....

මම මෝහන විද්‍යාඥයෙක් . මට පුළුවන්  ඔයාට  උදව් කරන්න."

"මෝහන විද්‍යාඥයෙක් ?. "

මෝහන විද්‍යාඥයෙක්  කියලා කියන්නේ කාටද ?, කොහොමද එහෙම කෙනෙක් මට උදව් කරන්නේ?......."

"පේන විදිහට නම් ඔයා.... මෙහෙ කෙනෙක්  නෙමෙයි වගේ?"

" අහන්න ඇල්ෆා ....මෝහන විද්‍යාඥයෙක් කියන්නේ.....

කියන්නේ මිනිස්සුන්ගේ  එහෙම නැත්නම් පෘථිවි වැසියන්ගේ මනසට ප්‍රතිකාර කරන කෙනෙක්ටයි.

මිනිස්සුන්ගෙ හිත්  අනවශ්‍ය විදිහට කරදරෙන්,  දුකින් පෙලුනහම අපි කරන්නේ ඒ අයට ඒ දුක  නිවාගන්න ඖෂධයක් වෙන එකයි."

" මිනිස්සු?.  ඒ කියන්නේ
හෝමෝසේපියන්වරුන් . ඒ.....ත් මං ඔය කියන විදිහේ මනුස්සයෙක් නෙමෙයි නේ.....

මං එහෙම නොවුනත්   ඔයාට මට උදව් කරන්න හැකියාවක් තියෙනවද ?. "

" ඔව් ; මට පුළුවන් ......මට පුළුවන් එක කරන්න .

මං දන්නවා,  මං මේ කියන්න යන දේ ඔයාට ටිකක් අමුතුයි වගේ හිතෙයි.  ඒත් ඇල්ෆා .....  ඔයාට මගේ උදව් ඕනේ නම් ... ඔයාට වෙනවා  මං කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now