🤝GIVE AND TAKE 🤲

142 35 15
                                    

Mrs R:- " mr. Kim , ඔයාට professor  තුන්වෙනි තට්ටුවේ තියෙන ලැබ්  එකට එන්න කියලා කිව්වා."

පසුව ටේහෝන්ග් ;  පිළිගැනීමේ නිලධාරිනිය වෙත ඇය තමාට කළ උපකාරයට ස්තුති කරනවාත් සමගම ඇයගේ මුහුණ ඉදුණු චෙරි  ගෙඩියක් මෙන් රතු වන්නට විය. 🍒 🍒

Taehyng' s pov :-

මං හිතුව හරි , අංකල්ට මොන  වැදගත් වැඩේ තිබ්බත්, මං ඇවිල්ලා ඉන්නව කියල දැනගත්ත ගමන්ම මං  වෙනුවෙන් කාලය වැය කරන්න එයා  කැමති උනා.

ඒත් තාමත් මට හිතාගන්න බැරි;  ඒ තරමටම මගේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක.

කොහොම කොහොම හරි කල්පනා කර කරම මම බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවටම ඇවිත් .

ඒත් ලිෆ්ට්  එකෙන් උඩට ගිය නිසා මට  බිල්ඩිමේ ගොඩක් වැදගත් තැන්නම් අනිවාර්යෙන්ම මිස් වෙන්න  නැති.

මට එහෙම හිතුණේ තුන්වෙනි තට්ටුවේ කාමර වල තිබුන නවීන පන්නයේ පරීක්ෂණ උපකරණ දැකලයි.

ඇත්තටම;  කලින් මං මෙහෙට ඇවිත් තිබුණත් ......  මං මෙහෙ  ආවේ පැහැරගෙන ආපු කෙනෙක් විදියට මිසක්  ආගන්තුකයෙක් විදියට නෙමෙයිනේ......

ඉතින් එදා නොදැක්ක වැදගත් දේවල් ගොඩක් අද මට මෙහිදී බලාගන්න පුළුවන් වුණා.

නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර, ජාන තාක්ෂණය මුසු කරල හදපු විවිධ පැළෑටි වර්ග,  ඒ හැම කාමරයක් ඇතුළෙම දකින්න ලැබුණා. 🌵🌾🌳

ඒවා දැකලා  මට හිතුණේ මගේ මාමා නිකම්ම නිකම් තාරකා විද්‍යාඥයෙක් විතරක්ම නෙමෙයි කියලයි.

  ඔව්;  එයා හැම අතින්ම දස්කම් පාන කෙනෙක්.
ඒකෙ සැකයක් නෑ. එයා එක්ක විනාඩි තුනක් කතා කරත් ඕනම කෙනෙක්ට හොඳින්ම තේරෙන කාරණාවක් තමයි ඒක.

ඒත් ඒ මොළ ගෙඩිය ඇතුලේ කොයි තරම් කරුණු කාරණා එක්රැස් වෙලා තිබුනත්, ඒ හිත නම්  සම්පූර්ණයෙන්ම හැඟීම් විරහිතයි .

එයාගෙ හිත ඇතුලේ හැම වෙලේම වැඩ කළේ සල්ලි.... සල්ලි..... විතරමයි .

පුළුවන් නම් එයා  මාවත්  සල්ලි වලට විකුණයි. ඒතරමට එයා සල්ලි වලට කෑදරයි.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now