THE REPENTANCE 😢

135 36 11
                                    

ඔයාගේ හිනාවට  පුළුවන් වුනා...... තාමත් මං මේ ලෝකෙ තනිවෙලා නැහැයි කියලා මගේ හිතට විශ්වාස ඇති  කරන්න . 😄

මං ළග තවමත් මගේම කියන්න පුළුවන් වටිනා වස්තුවක්  ඉතිරිවෙලා තියෙනවා .

මට ඕනේ වුණේ නෑ .......  එකත් අනිත් දේවල් වගේම නැති කරගන්න.

ඒ නිසා  මම පුළුවන් තරම් මහන්සි වුණා .  ඔයාව ආරක්ෂා කරගන්න.

ඒත් මං ඒකට  තෝරගත්තේ වැරදි මාර්ගය.

ඔයාගෙ හැම අඩුපාඩුවක්ම හොයලා බලලා,  සම වයසේ යහළුවන්ව ආශ්‍රය කරන්න,  සෙල්ලම් කරන්න ඉඩ දීලා... ඔයාව  සතුටින් තියනවා වෙනුවට  ; මං කළේ ....... ඔයාව කූඩුවක ඇති කරන පොඩි පුරුදු පැටියෙක් වගේ එළියට යන්න නොදී හිරකරගෙන තියා ගත්තු එකයි. 😥😥

හ්හ...........(සුසුමක් හෙලමින්)

ඇත්තටම ටේහෝන්ග් ,  මං ඔයාව බලා ගත්තෙ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ව බලාගන්න විදිහට නෙමෙයි.

දියමන්ති  ඔටුන්නක් වගේ වටිනා බඩුවක් පරිස්සම් කරන විදිහටයි.

ඇත්තටම මට සමාවෙන්න .මං ඒකට දැන් ගොඩක් පසුතැවෙනවා .

ඔයාට ඔයාගෙ ජීවිතේ අවුරුදු දහනවයකට ආසන්න කාලයක් හිරකාරයෙක්  විදිහට ජීවත් වෙන්න සැලැස්සුවට ,  ඔයාගේ තාත්තට ගොඩක් සමාවෙන්න ටේහෝන්ග් .

Tae :- " හ්හ............හොඳයි,   ඔයාට ......මට ඒ විදිහට සලකන්න,  ඔයාගෙම  හේතු තිබුණා කියමුකෝ.......

ඒත් ඇයි?  .........ඇයි?......... අඩුම තරමින් එකපාරක්වත් ඔයාට  මගෙ තාත්තා  විදියට මට ආදරය කරන්න බැරි වුණේ .........
අඩුම තරමින් මගේ උපන්දිනේ දවසටවත්.

ඔයා දන්නවනේ කෙනෙකුගේ උපන්දිනයක් එන්නේ අවුරුද්දකටම එක වතාවයි කියලා ..........මං දන්නවා අනිත් ළමයින්ට වගේ  මට ,  මගේ  උපන්දිනේ සතුටින්  සමරන්න විදිහක් නෑ කියලා.

මොකද ඒ දවස නිකම්ම නිකම් මගේ උපන්දිනේ දවස විතරක්ම  නෙමෙයි කියලත්.

  ඒත්...... ඔයාට තිබ්බා අඩුම තරමේ එදාට විතරක් හරි මගේ දිහා බලලා හිනා වෙන්න.

පොඩි හරි හිත හැදෙන විදිහේ  වචනයක්  කියන්න.

මං මේ ලෝකෙට ඉපදුන එකට මං මටම සාප කර ගන්න එක නවත්තන්න , ඔයාට  පුළුවන්කමක් තිබුණා. 😥😥

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now