4 Chapter

789 127 13
                                    


මම 💜️..

මම උදේ එක පාරටම ගැස්සිලා ඇහැරුනේ මූණ පිච්චෙනවා වගේ දැනුන නිසා. අම්මට..උදේ වෙලානේ😮😮😮.. අර ගොන් ගහ කර්ටන් එක ඇරලා ගිහිල්ලා මූනට ඉර පායලා. තව පොඩ්ඩෙන් ගිනි ගන්නත් තිබුනා 😏

👽 " අහ් මිස් යුමිකෝ.. ගුඩ් මෝර්නින් .. වෙලාව 8 යි.. වැඩට යන්නේ නෑ වගේ නේ.." 😏

මේකි විකාර කියෝනවා.. ලංකාවේ වගේ නෙමේ මෙහෙ නිවාඩු ගත්තොත් හේම ලේසි වෙන්නෙ නෑ.. මාසෙකට ගන්නත් පුලුවන් නිවාඩු දෙකයි.. 😒 කඩේ බොස් හොදයි නමුත් මං ආස නෑ එයාව අප්සෙට් කරන්න. මම කියන්නේ එයා හරියට තාත්තෙක් වගේ.. එහෙම කෙනෙක් ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක හොද නෑනෙ.😒😒තුන් වේලටම කන්නත් දෙනවා. ලංකාවේ කියලා කොන් කරන්නෙත් නෑ. අපිට ඉන්න තැනත් හොයලා දුන්නේ එයා. මිස්ටර් ලී..

💜️ " විනාඩි 10ක් දියන් මට. මන් ඇදන් එන්නම්.. කන්න තියෙනවද උදේට?"

👽 " ඔව් මැඩම්.."😏

💜️ "අහ් එල...ඔහොම ඉදින්.. මම ඉක්මනින් එන්නම්"

එහෙම කියල මන් දුවලා ගිහිල්ල ඇග හෝද ගත්තා. ඊයේ මහන්සියට ඇග වත් හෝදන්නේ නැතුවනේ නිදාගත්තේ.. විනාඩි 10න් ඇග හෝදලා කෑම මේසෙට දිව්වේ දිය රෙද්ද පිටින්මයි.. අම්මෝ 😏😏 මේකි කෑම හදලා.. මොනා වුනත් මට මේකිගේ කෑම නැත්තම් වැඩක් නෑ.. හෙනම රසයි..

👽 " කොහොමද කෑම?😏" දිනූ සාලේ ඉදලා හිමින් සීරුවේ කෑම මේසේ ගාවට ආවා.

💜️ " අවුලක් නෑ. පැය ගානකට ඇති. සුප් එක වතුර වගේ.. අවුලක් නෑ.😏😏"

එහෙම කියලා මම සුප් එක එක හුස්මට බිව්වා. 😎😎😎

👽 " රස නැත්තම් බිව්වේ ඇයි බන් 😏😏"

💜️ " අපරාදේ සල්ලි ඒකයි.. යමන්. මන් ඇදන් එන්නම්."

මම ඉක්මනින් කාමරෙට දිව්වේ දිය රෙද්ද අතේ අරන්..දිනූට ඕවා හුරුයි.😂 කාමරෙට ගිහිල්ලා අලුතින් ගත්ත සපත්තු ජෝඩුවයි, කලිසමයි, රෝස පාට බ්ල්වුස් එකයි ඇදලා කණ්ණාඩිය ඉස්සරහට ගියා. ලස්සනයි ..ටිකක් මහත් වෙලාද මංදා?😶

👽 " කොච්චර බැලුවත් ඔච්චයි බන්. උපන් කැත යන්නෙ නෑ. යමන්.."

💜️ " ඊරිසියාව 😏😏 ..උබේ ඇගේ මස් නෑනේ හොද්දක් හදාගන්නවත් පාන් එක්ක කන්න..😂..කටු තියේ ..ඒවා සුප් එකකට හොදා බන් 😏😏 .."

💜️Mine Only💜️Where stories live. Discover now