30 Chapter

617 108 87
                                    


💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" උඹ කෝමත් සතෙක් නෙ බන්..."

🐻" සතෙක් වෙයන්...ඒක ගැම්ම..විනාඩි කීපයකට තිරිසනෙක් වෙලා බලපන්... කෙල්ලො යටයි...."

මම හොද හුස්මක් හෙළලා ආයෙ ශීට් එකට හේත්තු වුනා...
මට ටිකක් නිදාගන්න ඕනෙ..
මහන්සියි මට.....

නමුත් මගෙ කන එකම දෙයකින් පිරිලා තිබුනා...

" සතෙක් වෙයන්...ඒක ගැම්ම... විනාඩි කිහිපයකට තිරිසනෙක්

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽දිනු...

වෙලාව යනවාද නැද්ද?
වාහනේ යනවාද නැද්ද?
මේකෙ මිනිස්සු මැරිලාද?
මම හුස්ම ගන්නවාද?

මේ කිසිම දෙයක් ගැන මට තේරුණේ නෑ..
මට පිස්සු වගේ නිකන්..

එකක් ඊයේ වෙච්ච දේ ...
ඒ වෙලාවේ ආපු කේන්තිය එක්ක මට තේහ්‍යුන් ඔප්පව කන්න හිතුණා..
මොන තරම් කැත කතාවක් ද ඒ කිව්වෙ??
නොකියා කිව්වේ අපි බඩු කියලා නෙ...😒😒😒

අනිත් එක යුමියටම බනින එක...
එයාගෙ යාලුවා ජන්කුක් බව ඇත්ත...මගේ බොස් වුනත් එයා 100% හොදයි කියන්න බෑ නෙ..
එයා ත් මෙතන වැරදියි... එයා මොකටද යුමීව බදාගන්නෙ?
ජිමින් මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා දැන දැනත්...
යුමීට ලව් බව ඇත්ත... නමුත් ටිකක් හිතන්න තිබ්බා ..

දැන් එහෙම කියලා යුමී හරි කියලා කියන්නෙත් නෑ මම..
ඒකි ඔක්කොටම වඩා ගොන් ගහක්...
ජිමින් ට ලව් නම්...ක්‍රශ් එකක් තිබ්බා නම් මුල ඉදන්ම ඒක ජන්කුක් ට කියන්න තිබ්බා බලාපොරොත්තු නොදි....
ඒ එකක්වත් නොකර හොර රහසේම ජිමින් එක්ක ලව් කරලා ඔක්කොම කරගෙන දැන් කනවෝ කනවෝ කියලා උඩ පනිනවා...

තේහ්‍යුන් ඔප්පාත් වැරදියි මෙතන..
එයා මොකටද ඔච්චර උඩ පනින්නෙ??
ජන්කුක් එයාගෙ බෙස්ටියා වුනත් ඔච්චර නටන්න ඕනෙ නෑනෙ..
එයා කරන්නෙ ජන්කුක් ව තවත් කුලප්පු කරන එක..
කතා කරන්නවත් දන්නෙ නැති එකෙක්..😑😑😑

මෙතන මාත් වැරදියි...
මට තිබ්බා ඔයිට වඩා මගෙ බෙස්ටියා ගැන හොයන්න..
ඒත් මම හිතුවෙ නෑ යුමී මේම වෙයි කියලා..
මම හිතාගෙන හිටියෙ අපි දෙන්නගෙන් ගොන්ම ගොන් ගහ මම කියලා..
ඒත් බලනකොට මේකි ගොන් සාගරයක්....

💜️Mine Only💜️Where stories live. Discover now