62 Chapter

257 45 19
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

💜️" ජන්කුක් ..මට හැමදේම මතකයි.ජිමින් ..ජින්..මිචිකො..."

🙂🙂🙂

මගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුණා..
මොකක්ද මේ වුණෙ..💔💔

💜️" ඔයා මට ආදරෙයි කියන්න මන් දන්නවා.."

🙂🙂🙂💔
ඇයි එහෙනම් දෙන්නෙ වේදනා ...

💜️"මට සමාවෙන්න.."

මන් මොකුත් නොකියා හොද හුස්මක් ගත්තා...
මන් හොඳින්..

🐰" හරි"

මන් ෆෝන් කෝල් එක කට් කළා..

ඇති අදට මට..
🙂💔
මන් හොඳින්...🙂🙂🙂❤❤

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

මාසයකට පසු...............

ජීවිතේ වෙනදා තරම්ම දුක්ඛිත නොවුණත්, හිතන තරම්ම සතුටෙන් ගෙවුනෙත් නැ කාගෙවත්.. හිතාගන්න බැරි විදිහට එකිනෙකා එකිනෙකාගෙන් වෙන් වෙලා..
එයාලාගෙ වැඩ වලට ගුලි වෙලා බිසී වෙලා..
ඒ අතරෙ නැතිවුනු බැඳීම් ආයෙත් ගැටගහගන්න උත්සහ කරන අයත් නැතුවම නෙමෙ..

යුමිකො ,දිනිති ඩබල වෙනදා වගේම වැඩට යනවා..ඒකාකාරි ජීවිතයක් ඒ දෙන්නට තිබ්බේ .යුමීගෙ අයියා සතියකට කලින් කොරියාවට ඇවිල්ලා ගිහින් තිබ්බා අලුත් බිරිඳත් එක්කම.ඒ ඇරෙන්න වෙන කිසිම වෙනසක් ඒ දෙන්නගෙ ජීවිත වල නම් වුණෙ නැ..

කිම් කම්පැනිය වෙනදාටත් වඩා සෑහෙන්න වැඩ ගොඩක ගිලිලා නිසා ජිමින් වයි තේහ්‍යුන් වයි දකින්න ලැබුනේ කලාතුරකින් .ඒකත් එක්කො පත්තරේකින් ඒම නැත්තම් ටීවි එකෙන්.

ඇමරිකාවෙන් කොරියාවට ආපු සෝප් ඩබල නම් වෙනදා වගේම පුළුවන් විදිහට වැඩ අස්සෙම ආතල් එකෙ ඉන්න බලනවා. පුළුවන් වෙලාවට වටේම ඉන්න අයට කෝල් කරලා සැප දුක බලන්නෙත් මේ ඩබලම තමා..

නම්ජූන් ඉන්නෙ වෙනම ලෙවල් එකක. එයත් එයාගෙම කියලා පටන් ගත්ත බිස්නස් එකක වැඩ වලට හිරවෙලා ඉන්නවා.නමුත් එයා එයාගෙ වගකීම් අකුරටම ඉශ්ට කරා. පුළුවන් වෙලාවට හැම කෙනාවම බලන්න යන්න ,කෝල් එකක් දෙන්න අමතක කළෙ නැ..

💜️Mine Only💜️Where stories live. Discover now