50 Chapter

629 144 150
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

මම ඔප්පාගෙ අතින් අල්ලගෙන ම නැගිට්ටා..
එතන ඉදන් වෙරළ දිගේ අපි අනිත් කෙළවරට ඇවිද්දා...
එක එක තාලේ මිනිස්සු ...
අපි වගේම ලවර්ස්ලා..
එතකොට ළමයි එක්ක ජෝඩු...වයසක ජෝඩු..චිත්‍ර අදින අය... ඉස්කෝලවල් වලින්..
ඒ හැම කෙනාම එන්න ඇත්තෙ සතුට හොයාගෙන...

මේ අපි දෙන්නා වගේ...
ඒ වගේම මේ ඕනම කෙනෙක්ගෙ හිතෙ දුකක් ඇති...
මට වගේ...ජිමින් ඔප්පාට වගෙ..
ඒ දේවල් නැති කරගන්න කියාපු තැන මුහුදු වෙරළ....

අනෙ මන්දා..
මුහුදත්...මේ හැමදේම අහගෙන ඇති....😐😐

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🦄 ජින්..

උදේම බෙකී හදලා දුන්න පැස්ටා එක මට ජුනී කැව්වා..ඇත්තටම ගොඩාක් රසයි...
මම අර ඔයාලට කලිනුත් කිව්වෙ..මම එවාට මාරම ආසයි..
ආස වුණාට ඉතින් මොනා කරන්නද? ඉස්සර වගේ කන්නත් බෑ මට..
කෑවත් දැන් වගේ වමනෙ යනවා...😒

🐨 " යන ටික ගිය දෙන් ජිනී..හිතන්න එපා...ආයෙ බඩගිනි ආවම මොනා හරි කමු..."

බාතෲම් එකෙ ඉදන් ජුනී කෑගහනවා..
සින්ක් එකෙන් එකයි වමනෙ..

🦄"බඩගින්නක් නෑ ජුනි... අවුලක් නැ"

🐨" ඒම කියලා හරි යන්නෙ නෑනෙ...බඩ හිස් වෙන්න හොද නෑ.."

තුවා කෑල්ලකින් අත් දෙක පිහදාන ගමන් ජුනී බාතෲම් එකෙන් එලියට ආවා..
මම නිසා ජුනිත් වද වෙනවා ..😒😒

🦄 "අද වැඩ නැද්ද ?"

🐨"මේ සතියම නිවාඩු...."

ජුනී මම ගාවට ඇවිල්ලා මගෙ නළලෙන් හිමීට හාදුවක් තිබ්බා..

🦄" බෙහෙත් ...."

🐨" ඔව්...ඉන්න...."

ජුනී බේත් එකින් එක අරන් පරිස්සමෙන් මගෙ අත උඩින් තිබ්බා..
බේත් බොන එක මහ කරුමයක්...
කට අරින්නත් හරි අමාරුයි මට දැන්...

🐨 " කටෙ හේම හිරකරගන්න එපා පට්ට තිත්තයි ඔව්වා"

🦄" අම්මෙ ඔව්...😣"

🐨" අද මොකො කරන්නෙ ඉතින් අපි???"

🦄" හිතාගන්න බෑ ජුනී..කරන්න නම් දේවල් ගොඩාක් තියෙනවා ..හැබැයි මේ දවස් දෙක තුනෙ කරගන්න බෑ..මෙච්චර කල් ජීවත් වෙලා මම මොනාද කළේ කියලා හිතෙනවා..."

💜️Mine Only💜️Where stories live. Discover now