28 Chapter

582 106 25
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

මම ආයෙත් ඇදටම ගියා.. මගේ ඇස් වලින් ආයෙත් කදුලු කඩාගෙන වැටුණා..
හේතුවක් නැතුව කාර් එකේදි මම මුලින්ම යුමීගෙ කම්මුලට කිස් එක්ක් දුන්න විදිහ මතක් වුණා....මට එයාව මිස් වුනා ...😭

🐻" ඔන්න ආයෙත් අඩනවා ..."

🐰"මම අඩන්නෙ නෑ.. ඇඩෙනවා...."

🐻" කන්න මොනාහරි ගේන්නද??"

🐰" එපා බන්..."

මම ඇදේ වැතිරුණා..

මට ඉන්න
මගේ සැනසීමට ඉන්න එකම ගැහැනියගෙ නම නින්ද...
ඒකි ඉක්මනින් එනවා නම් මම ආසයි...😫😫😫😫😫

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️ මම....

මට නම් පිස්සු වගේ...
ලොකු අයියාව මීට් වෙච්ච වෙලාවෙ ඉදන් ජිමිනා හරිම අමුතුයි..රෑ නිදාගන්න යනකොටවත් කිව්වෙ නැ..සූගා ,හොබී ඔප්පා දෙන්නා නම් මුලු සීන් එකම දන්නවා.. හෙට හවස ජින් ඔප්පා එනවාලු නෙ..එතකොට අනිද්දා සෝල් යන්න පුලුවන් කට්ටියටම..
තේහ්‍යුන් ඔප්පා නම් මළ යකා නැගලා ඉන්නෙ.. ජන්කුක් ව පේන්නවත් නෑ .
මට හිතෙනවා නිකන් මේ හැමදේම මම අනිත් පැත්ත ගැහුවා වගේ දෙයක්..
එක එක්කෙනා එක එක පැති වල
මායි දිනුයි එකක්..
ජින් නම්ජූන් එකක්...
හොබී සූගා කොහොමත් වෙනම...
ජිමිනා වෙනම..
තේහ්‍යුන් ජන්කුක් වෙනම එකක්..

කොහොම තිබ්බ පවුලක්ද? 😣😣😣😣

👽" පාන්දර වෙන්නත් ඔන්න මෙන්න..නිදාගනින්කො බන්.."

දිනු ඇදේ එහාට මෙහාට පෙරළි පෙරළි ඉන්නවා දැන් සෑහෙන්න වෙලාවක ඉදන්..

💜️" නින්ද යන්නෙ නෑ බන්..තේරුම්ගනින්කො..."

👽" දැන් මක් වෙලාද කියහන් උබට??"

දිනූ මගේ පැත්තට හැරුණා.. මම ඒත් වැතිරිලා වහලේ දිහාම බලාගෙන හිටියා..

💜️" මට හරි අමුත්තක් දැනෙනවා බන්..කලකිරීමක්..."

👽" උඹ කවද්ද කලකිරුණේ?? පුදුමයි..උබ නේද හැමදාම ජොලියෙන් ඉන්න එකා??"

💜️Mine Only💜️Where stories live. Discover now