Chapter 3

1K 222 26
                                    

අද මට නිවාඩු , ඒ නිසා ඔන්න ඔහේ තුනත් දානවා වැඩි නෑ නේ 😁

Previous :

"අනේ පුළුන් බෝලයක් වගේ 🥺. හරිම ලස්සනයි . ඔයාගෙ නම මොකක්ද පැටියෝ..."

"Yeontan"

Sara's poov :

මම ඒ බලු පැටියව වඩාගෙන එයාගෙ කර පටියෙ ගහල තියෙන නම කියවන්න හදනකොටම පිරිමි කටහඬක් මට ඇහුණා.මම හැරිලා බැලුවා..

උමෝ..මම දැක්කා Handsome boy කෙනෙක් මගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා.එයා ඇදගෙන හිටියෙ සුදු පාට gucci T shirt එකක්. පෙනුමෙන් නම් අනිවාර්යයෙන්ම මෙයා rich family එකක එක්කෙනෙක්ම තමයි .එයාට තිබ්බෙ කළු කොන්ඩයක්. එයා හිනා වෙනකොට ඇස් දෙක පොඩි වෙනවා.

(සාරා සහ හෝසොක් කොරියානු පුද්ගලයන් සමග කතාබස් කරන්නේ කොරියානු භාශාවෙනි.)

"ඔමෝ.. උඩි ටානී.... කොහෙද ගියේ ආ මං කොච්චර හෙව්වද ඔයාව.."

එහෙම කියන ගමන් ලොකු හිනාවකුත් දාගෙන එයා මගේ ළඟට ආවා.

Sara:
"ආ.. මේ ඔයාගෙ බලු පැටියද. හරිම ලස්සනයි ...."
මම එහෙම කියන ගමන් ටානි ව එයාගෙ අතට දුන්නා.

"අනේ නෑ මෙයා මගේ හොඳම යාලුවගෙ. එයාට මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩියි.ඒ නිසා මම ටානිව එක්කගෙන ඇවිදින්න ආවා.කොහෙද මෙයා එකපාරම කඩාගෙන ගියා නෙ. Size එකේ හැටියට නෙවෙයි වැඩ ආ....අපි දෙන්නා දැන් යමු නේද.පරක්කු උනොත් ඔයාගෙ අප්පාට තරහ යාවි "

එහෙම කියලා එයා යන්න හදලා ආයෙත් මගේ පැත්ත හැරිලා.

"ආ .. මට අහන්නත් බැරි උනා නෙ මොකක්ද ඔයාගෙ නම .."

"ඕහ්.. සමාවෙන්න මම සාරා. Nice to meet you . You are Mister ?"

"I'm Jimin. Nice to meet you too ...අපි ආයෙත් දවසක හම්බ වෙමුකෝ දැන් මට යන්න වෙනවා ...අන්‍යෝ "

Sara's poov :
එහෙම කියලා කලින් වගේම ලස්සන හිනාවක් දාලා එයා ටානිවත් අරගෙන එතනින් යන්න ගියා.එයා ගියේ අපේ apartment එකෙන් එහා පැත්තෙ තියෙන අනිත් luxury apartment එකට .
මමත් දන්නෙම නැතුව පාරට ඇවිල්ලා කියලා තේරුනාම ඉක්මනට අපේ apartment එකට ගියා .

Jimin's poov :
මම ටානිවත් අරගෙන අපේ apartment එකට ආවා

"එයා ඇවිල්ලා ....."

 REBORN 🚫 (By Sash) [ Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin