Chapter 12

983 197 53
                                    

Sara's poov :

Namjoon oppa ගෙ driver මාව ගෙදරින් drop කලාට පස්සෙ මං ගෙදර ඇතුලට ගියේ ගොඩාක් බයෙන්. මම ඇතුලට යනකොට වීදුරු කෑලි හැම තැනම විසිරිලා තිබ්බා. මුලු සාලෙම අනිත් පැත්ත ගහල වගේ. Tae ගෙ phone එකත් කෑලි වලට කුඩු වෙලා බිම වැටිල තියනව මම දැක්කා..මම තව ටිකක් ඉස්සරහට යනකොට ටේ sofa එක ළඟ බිම වැටිලා හිටියා. මම ඉක්මනට එයාගෙ ළඟට දුවලා ගියා.

"ට්.ටේ.... ටේ... නැගිටින්න.. ඔයා හොදින් නේද .. ටේ...."

හිමින් හිමින් ඇස් දෙක ඇරපු ටේ එකපාරටම මාව බදාගත්තා..

"ඔයා.. ආවද .. දන්නවද මම කොච්චර බය උනාද කියලා ආ... කොහෙද හිටියේ "

එයා මාව තදින්ම බදාගත්තා. කොච්චර තදින්ද කියනව නම් මට හුස්ම ගන්නත් අමාරු තරමට. ඒත් එක්කම මට දැනුනා එයා අඩනව කියලා.. එයා තාමත් ඉන්නෙ මත් ගතියෙන් රෑ එළි වෙනකන්ම එයා drinks අරගෙන. සෝජු ඉවර උනාට පස්සෙ එයා ගෙදර තිබ්බ අනිත් drinks වර්ගත් use කරලා..

" ආ.. ට්..ටේ.. මොකද මේ.. ඔයා එළි වෙනකන්ම drinks අරගත්තද. මට හුස්ම ගන්න අමාරුයි ටේ.. අතාරින්න..."

එකපාරටම ටේ මාව අතෑරලා මාව kiss කරන්න ගත්තා.. ඒත් එක්කම මාව ගල් ගැහුනා. මගේ තොල් මාරුවෙන් මාරුවට තෙත් කරන ගමන් එයාගෙ ඇගිලි මගේ පිට දිගේ යනවා මට දැනුනා.. තව තවත් ටේ මාව එයාගෙ ළඟට ඇදල ගන්නකොට මට හුස්ම ගන්න අමාරුයි කියලා මට තේරුනා.. ඒත් එක්කම මම එයාව මගෙන් ඈත් කරන්න හැදුවත් එයා තව ටිකක් මාව ළඟට ගත්තා.. මගේ තොල් අතෑරපු ටේ ඊළඟට එයාගෙ දත් වලින් මගේ බෙල්ල හපන්න ගත්තා... එයාව පාලනයෙන් මිදිනවා කියලා මට තේරුනත් එක්කම මම එයාව මගෙන් ඈත් කලා..

"ටේ... මොකද මේ...."

එයා මට කෑගහවි කියලා හිතුවත් ඒ ඇස් දෙක දැක්කම මට මහ අමුත්තක් දැනුනා.. හරියට නිකං පොඩි ළමයෙක්ගෙ වගේ.. හරිම අහින්සක විදියට ඒ ඇස් වලින් මගේ දිහා බලනකොට මට හිතාගන්න බැරි වුණා මේ ඉන්නෙ මම දන්න ටේ මද කියලා. ඊයෙ මුළු රෑම අඩලා ඒ ඇස් රතු වෙලයි තිබ්බෙ.. කදුලු පිරුනු ඇස් දෙකෙන් ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටපු ටේ ආයෙමත් සැරයක් මාව බදාගෙන අඩන්න ගත්තා...

 REBORN 🚫 (By Sash) [ Completed ]Место, где живут истории. Откройте их для себя