Chapter 4

1.1K 212 13
                                    

"Kim Namjoon"

Sara's poov :

එයාගෙ පස්සෙන් දුවගෙන ගිහිල්ලත් මට ඒක එයාට දෙන්න බැරි උනා. ඒක නිසා මම එයාගෙ wallet එක ඇරලා බැලුවා.

"අයියෝ.... දැන් කොහොමද මම මේක මෙයාට දෙන්නේ...."

එහෙම හිත හිත මම මගේ තුවාල උන දනහිසත් අත ගාන ගමන් ආයෙ restaurant එකට යන්න හැදුවා.ඒත් එක්කම...

"මම හිතන්නෙ මට අයිති දෙයක් ඔයා ළඟ තියෙනවා"

එහෙම කියාගෙන කවුද පිරිමි කෙනෙක් මගේ අතින් ඇල්ලුවා.

Namjoon's poov :

මම urgent call එකක හිටියෙ. මම phone එකෙන් කතා කරන ගමන් මට ඇහුණා කවුද ගෑනු ළමයෙක් මට කතා කරනවා වගේ. ඒත් මම call එකේ හිටපු නිසා මම ගනන් ගත්තෙ නැහැ.ඒත් ටික දුරක් ගිහින් call එක cut කරලා phone එක ආයෙත් සාක්කුවට දාගන්න හදද්දී තමයි තේරුනේ මගෙ wallet එක නැහැ කියලා .

"අයිශ්....කෝ මගේ wallet එක. ඒක කොහේහරි වැටුනා වත් ද."

මම wallet එක හොයන්න ගන්නකොට මට මතක් උනා කවුද ගෑනු ළමයෙක් ටිකකට කලින් කතා කලා නේද කියලා .සමහර විට එයා ගාව මගේ wallet එක ඇති .

මම ඉක්මනට ආපස්සට හැරිලා ගියා. ඒ යනකොට ඒ girl ගෙ අතේ මගේ wallet එක තියනවා මම දැක්කා. එයා යන්න හදනවත් එක්කම මම එයාගෙ අතින් අල්ල ගත්තා.

එකපාරටම මගේ හදවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.දිලිසෙන තද දුඹුරු පාට ඇස් දෙක , දිගම දිග ඇස් පිහාටු දිහා මම ඇහිපිල්ලම් නොගහාම බලාගෙන හිටියා.මට ඒ ඇස් වල හුරු බවක් දැනුනා.තත්පර කීපයකට ඒ ඇස් අස්සෙ මාව අතරමං උනා වගේ මට දැනුනා.

"Sir....."

එකපාරටම මාව ගැස්සිලා ගියේ එයා කතා කලත් එක්කම.

"I'm sorry .... ඇත්තටම ඔය ඔයාගෙ අතේ තියෙන්නේ මගේ ID card එක. ඕක මගේ wallet එක ."

එයාගෙ අත අතාරින ගමන්ම මම එහෙම කිව්වෙ ටිකක් විතර ලැජ්ජාවකින්.ඒ වෙලාවෙ මට දැනුනෙ ඒ ඇස් අස්සෙ මාව අතරමං උනා වගේ.මීට අවුරුදු කීපයකට කලිනුත් මට මේ වගේම අමුතු හැගීමක් ඇවිත් තියනවා. ඒත් එතකොට මම ගොඩාක් පොඩියි.

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now