Chapter 23

833 181 41
                                    

සාශගෙ කකුල උලුක්කු උන නිසා නම්ජූන් ඔප්පා එයාව ගෙදරට ගිහින් දැම්මා... ඊට පස්සෙ මාව ගෙදර ගෙනියන්න කලින් ආයෙමත් සැරයක් එයා මට කන්න බර්ගර් එකක් අරගෙන ආවා....

" ආ... ඔයාට බර්ගර් එකක් නේ කන්න ඕන උනේ... මේක කන්න..."

" Thank you ඔප්පා.... මං නිසා ආයෙමත් කරදර නේද ... ඒක නෙවෙයි මං... අහන්නමයි හිටියේ .... ඇයි ඔයා... එදා සිද්ධියෙන් පස්සෙ මාව බලන්න ආවෙ නැත්තෙ.... මං බලාගෙන හිටියා... ඔයා ඒවි කියලා ...."

" ඕ... ඒකද ... ඒක මේ... ඇත්තටම මට ඔයාලට කරදර කරන්න ඕන උනේ නැහැ.."

" කරදර කරන්න .... මොනාද මේ කියන්නෙ ඔප්පා... ඔයා කොහොමද අපිට කරදරයක් වෙන්නෙ.. මේ බලන්න .. ඔයා හිතාගෙන ඉන්නෙ එදා මට වෙඩි වැදුනෙ ඔයාගෙ වැරැද්දෙන් කියලා ... ඒක එහෙම නෙවෙයි .. එදා ඔයා හිටියෙ නැත්නම් මමයි.. මගේ බඩේ ඉන්න මේ චූටි පැටියයි දෙන්නම මැරිලා... ඔයාට අර තරම් අමාරු වෙලත්.. ඔයා, ඔයා ගැනවත් හිතන්නෙ නැතුව මාව බේරගත්තා.. ඒ නිසා ආයෙ ඒ ගැන හිතන්න එපා හරිද ..."

" හරි .. ඒත් මං කියන්නෙ..."

" ඒත් මේත් නෙවෙයි ... ඔයා ආයෙත් ඒ ගැන හිතන්න බෑ... ඒ වගේම තමයි අද ඉදලා , වෙලාවක් ලැබුනම මාව බලන්න එන්න ඕන... හරිද ...."

" ම්ම්... හරි .... ඉතින් කියන්නකො දැන් මේ හදිස්සියේම ආවෙ බර්ගර් කන්න ඕන උන නිසාද ..."

" ඔව් බර්ගර් එකක් කන්න ඕන උනා... ඒ වගේම මට.. ට්ක වෙලාවක් බීච් එකටත් යන්න ඕන උනා.. මං අපේ රටේ ඉන්නකොට නම් අපිට මුහුද පේනවා ගෙදරට ... ඒත් මෙහේ ආවත් හරි .. මට යන්න බැරි උනා බීච් එකට..."

" ඉතින් ... ඒ කියන්නෙ ඔයාට බීච් එකට යන්න ඕන.. එහෙම නේ..."

" ඔව්...🥺"

" හරි එහෙනම් .. එන්නකො අපි යමු... මං මේ දවස් ටිකේම ඔයාව බලන්න ආවෙ නැති නිසා .. අද දවසෙම ඔයා එක්ක ඉන්නම්... හරිද ...."

" මරු මරු මරු...."


නම්ජූන් ඔප්පා එක්ක මං ගොඩාක් වෙලා මුහුදු වෙරලෙ ඇවිද්දා... එයා මං ගැන ගොඩාක් සැලකිලිමත් උනා... කොටින්ම කියනව නම් , මම ඇවිදිනකොට.. එයා මගේ පස්සෙන්මයි හිටියේ ... බැරිවෙලාවත් මං වැටෙයි කියලා ... මොනවා උනත් මට එයා ළඟ ඉදෙද්දි ... ලොකු ආරක්ශාවක් දැනුනා... අද දවසෙ එයා එක්ක ගත කරපු මතකයන් ... මට කවුරුහරි මතක් කරනවා... ඒත් කාවද ... හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් දිලිසෙන තුනී ඇස්... මට ඒ වෙලාවෙ දැනුනෙ.. හරියට මං එයාව මීට අවුරුදු ගානකට කලින් ඉදලා දන්නවා වගේ... ඒත්... එහෙම වෙන්න විදියක් නැහැ... මට නම් කිසිම දෙයක් මතක නැහැ ... එයා මාව මීට කලින් දන්නව නම්, එයා මට ඒක කියනව නෙ.... අමතක කරලා දාන්න...



 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now