Chapter 7

865 192 28
                                    

"මම ගිහින් Taehyung ට කතා කරලා බලනවා. අපි shares විකුනන්න බැරි ඇත්ත හේතුව කිව්වොත් එයා තේරුම් ගනීවි නෙ."

Sara's poov :

මට ඕන උනේ නැහැ අපේ ඔම්මා මහන්සියෙන් හදපු company එක වෙන කවුරුහරි ගන්නවට. ඊටත් වඩා මට මගේ ඔප්පා දුකෙන් ඉන්නවා බලාගෙන ඉන්න බැහැ 🥺.

ඒක නිසා මම ඔප්පා ළඟ තිබ්බ ජිමින් ඔප්පගෙ business card එකෙන් Taehyung ගෙ office එක තියන තැන හොයාගත්තා.

අද මට college යන්නත් තියනවා. ම්ම්ම්ම් මොකද කරන්නේ..... මෙහෙම college ඉවර වෙලා එහෙම්මම සාශයි, කුකීයි එක්ක යන්න ඕන එයාගෙ office එකට . ඒ දෙන්නා ආවම මට බයකුත් නෑ නේ .

Music school 🏢

"මේ සාශා.. ඒක නෙවෙයි අද ඔයයි කුකියි after school එනවද මාත් එක්ක පොඩි ගමනක් යන්න ...."

Saasha:

"යමු .... කොහෙද දැන් යන්නෙ ...."

Jungkook :

"කජා........ මාත් පට්ට බඩගින්නෙන් හිටියෙ...... ඔයා ගානෙ නේ අරන් දෙන්නෙ..... කොහෙද දැන් අපි යන්නෙ...... අර Soo hu අජශ්ශිගෙ කඩේ කෑම නම් පට්ට රසයි .. අපි එතනට යමු ආ.... "

Sara :

"ඕක නෙ කියන්නෙ මේ මල පෙරේතයා එක්ක බෑ නෙ ...... අනේ ගොනෝ කන්න නෙවෙයි යන්නෙ. වැදගත් වැඩකට යන්නෙ."

Jungkook :

"කෑමට වඩා මොකක්ද වැදගත් වැඩේ ..."

"යමන්කො ඉස්සෙල්ලා මං කියන්නම්."

මම එහෙම කියලා සාශවයි කුකීවයි එක්කගෙන Taehyung ගේ office එකට ආවා.

"ඔයාල දෙන්නා පොඩ්ඩක් ඔතනින් ඉන්න හරිද මං ටක්ගාලා එනවා."

Jungkook :

"ටක් ගාල එනව නම් මොන මගුලකටද මාව එක්කගෙන ආවෙ. තනියෙන් එන්න තිබ්බනෙ ..."

"කෑ ගහන්නෙ නැතුව ඉන්නව මනුස්සයෝ . හයියෝ .... මං ආවම කන්න අරන් දෙන්නම්"

සාශවයි කුකීවයි එළියෙන් නවත්තලා මම ඇතුලට ගියේ මට එයා එක්ක කතා කරන්න ඕන නිසා.

Sara :

" Excuse me .. මට Mister Taehyung ව meet වෙන්න පුළුවන් ද"

Receptionist :

"Sir නම් ඇතුලෙ ඉන්නවා. Miss ඔයා කලින් දැනුම් දීලද තියෙන්නේ sir ව meet වෙන්න"

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now