Chapter 19

1K 189 48
                                    

ජුනී ඔප්පා එක්ක මම බුසාන් යන්න පිටත් උනේ හිතේ ලොකු බලාපොරොත්තුවත් තියාගෙන... පැය හතරක දීර්ඝ ගමනකින් පස්සෙ අපි බුසාන් වලට ආවා..

" ඔප්පා... දැන් ඔය මනුස්සයා ඉන්න තැනක් හරියටම ඔයා හොයා ගත්තද..."

" මං කිව්වෙ මට මෙහේ ඉන්න යාළුවෙක් කිව්වා කියලා ... මිනිහා මට කිව්ව විදියට නම් මේ ළඟම තමයි තියෙන්නේ ... ඉන්නකො අපි බලමු.."

අපි ගියපු පාරෙ ඇතුලට වාහනෙන් යන්න බැරි නිසා අපිට වාහනෙන් බැහැලා පයින් යන්න උනා... ඒක හරියට පොඩි ගමක් වගේ.. මිනිස්සුත් වැඩිය පේන්න හිටියෙ නෑ...

" මගේ යාළුවා කිව්ව විදියට මේ කොහේහරි තමයි ඉන්නෙ. ඉන්න අපි මේ කාගෙහරි අහල බලමු..."

" අ.. ම්.. මේ.. පොඩ්ඩක් අහන්නකො.. මේ ගමේ ඉන්නවද පාර්ක් මින්ජුන් කියලා කෙනෙක් .. එයා මීට අවුරුදු 7කට කලින් සෝල් වල තමයි ඉදලා තියෙන්නේ ... "

" පාර්ක් මින්ජුන්... ම්ම්... එහෙම කෙනෙක් නම් මෙහේ නෑ... මේ මහත්තයා කවුද ..."

" ඇත්තටම අපි එයාගෙ දුර නෑදෑයො වෙනවා... ඉන්නකො මං ගාව මීට අවුරුදු 7කට කලින් ගත්ත එයාගෙ පින්තූරයක් තියනවා.... ආ.. මේ තියෙන්නේ .... අපි එයාව හොයාගෙන සෝල් වලට එනකොට එයා එහෙන් ගිහිල්ලා... ඉතින් දැන් අපිට එයාව හොයාගන්න විදියක් නෑ ... අපිට ආරන්චි උන විදියට එයා මෙහේ කොහේහරි තමයි ඉන්නෙ... "

" කෝ දෙන්න බලන්න... ම්ම්... මේ.. නම්... හරියට අපේ ඩොක්කු වගේ නෙ... ම්ම්... ඔව් ඔව් ඒ වගේ තමයි ... මීට අවුරුදු 7කට කලින් නම් මේ වගේම වෙන්න ඇති...."

" ඔය.. ඔය ඇත්තමද .... කෝ දැන් එයා.. එයා මෙහේ ඉන්නවද ...."

" ඔය ළමයි කාව හොයනවද කියන්න නම් මං හරියට දන්නෙ නෑ... ඒත් ඔය පින්තූරෙ ඉන්න මනුස්සයත් හරියට අපේ ඩොක්කු වගේමයි... ඩොක්කු නම් අන්න අර පේන ගෙදර තමයි ඉන්නෙ..."

" ආ... කම්සහම්නිදා අජුම්මා... ඇත්තටම ඔයා ලොකු උදව්වක් කලේ...."

" ම්ම්.. ම්ම්.. ඕක මොකක්ද ..."








අජුම්මා අපිට පෙන්නුවෙ ඒ ගමේ කෙලවරම තියෙන පොඩි ගෙයක් ....






 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now