Chapter 16

1K 199 42
                                    

"ඒක කැඩුනෙ මගේ අතින්"

ටේහ්‍යුන් .......

" ඇත්තටම මට සමාවෙන්න හ්‍යුන්... සාරා ඊයෙ බැල්කනි එකට වෙලා ඒකෙන් practice කර කර ඉන්නකොට මම එයාව බය කලා... ඉතින් ඒ වෙලාවෙ එයාගෙ අතින් වයලීන් එක අතෑරුනා.. ඒක නිසා ඒක බිමට වැටිලා waist එක ළඟින් කැඩිලා ගියා... ඒත් බය වෙන්න දෙයක් නෑ ..මං ඒක හදන්න දීලයි ආවෙ..."

" ඕ.. ඒකත් එහෙමද ... පුළුවන් තරම් ඉක්මනට ඒක හදාගන්න... හරි එහෙනම් දැන් මම යන්න ඕන.. වැඩ දාහක් තියෙද්දි මං මේ ආවෙ සාශගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා.. ඔන්න දැන් හරි නේ සාශා.. එහෙනම් මම යනවා...."

Sara's poov :

සාශගෙ කීමට ඔප්පා ආවා කිව්වත් මං දන්නවා එයා තාමත් මට ආදරෙයි .. ඒත් වැරැද්ද මගේ. මම තමයි එයාගෙ හිත රිද්දුවෙ.. මට සමාවෙන්න ඔප්පා... මං මේ හැම දේකම ඇත්ත හොයාගත්ත දවසට අනිවාර්යෙන්ම ඔයා මට සමාව දෙයි. එතකන් පොඩ්ඩක් ඉවසන්නකෝ...




" ටේ.... ඔයා මෙච්චර වෙලා මෙතනද හිටියේ .... මං හිතුවෙ ඔයා ගියා කියලා ..."

" ආ.. ඔව් මං ගියා තමයි .. ඒත් මට පස්සෙ හිතුනා ඔයා play කරනවා බලන්න ඕන කියලා.. ඇයි මට එන්න බැරිද ..."

" ආ.. නෑ නෑ .. අයියෝ.. එහෙම දෙයක් නෑ .. ඔයාට සම්පූර්ණ අයිතිය තියනවා.... මං ඇහුවෙ ඉතින් ඔයා යනවා කිව්ව නිසා .. හරි ඒකෙන් වැඩක් නෑ... තව ටිකකින් winner කවුද කියලා කියාවි. ඔයා එතකන් ඉන්නවද...."

" ඔව් ඉතින් දැන් ආව එකේ මට තව විනාඩි කීපයක් ඉන්න බැරි කමක් නෑ නෙ. අනික මං වයලීන් එකකුත් ගත්ත එකේ... ඔයා වින් කලේ නැත්නම් මගේ සල්ලිත් අපරාදේ ...."

" හරි හරී.... අපි බලමුකෝ...."


ටික වෙලාවකින් winner කවුද කියලා announce කලා....

The winner is......

Mrs. Sara....

Congratulations Mrs. Sara.....

වා.... මං දින්නා... මට හිතාගන්නවත් බෑ... ඔම්මගෙ වයලීන් එක නැතුව මම competition එකක් win කරපු පළවෙනි වතාව මේක.... මට කොච්චර සතුටු හිතුනද කිව්වොත් මම මුලින්ම වැළඳ ගත්තෙ ටේ ව. එයාගෙ බෙල්ල වටේටම අත් දෙක දාගෙන මම එයාගෙ පපුවට තුරුලු උනේ පුදුමාකාර සතුටකින්.. කර පුරාම ගියපු හිනාවත් එක්කම මම ටේ ගෙ දිහා බලනකොට මං දැක්කෙ ටේ ගෙ කන් දෙක එන්න එන්නම රතු පාට වෙන හැටි ....

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now