නිහඩ ආදරවන්තයා.

1.1K 216 207
                                    

ආදරේ කියන්නෙ හරි අමුතු දෙයක් ... ඒක මෙහෙමයි කියලා කියන්න.. අපි කාටවත්ම බැහැ.. Shakespeare කියන විදියට ... ආදරෙය කියන්නෙ මානව සෙනෙහසේ නිමැවුමක් ... ඒකට ඉතා ඉහළ වටිනාකමක් තියනවා වගේම , ඒකෙන් තවත් කෙනෙක්ව විනාස වෙන්නත් පුළුවන් ...

මේ කතාවෙ.. ප්‍රධාන චරිත තුනක් තියනවා... ටේහ්‍යුන් , සාරා , නම්ජූන්....

ටේහ්‍යුන් කියලා කියන්නේ.. පොඩි කාලෙ , පියා අහිමි වුන නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක් ... තමන්ගෙ පියා මහන්සියෙන් ගොඩනගපු ව්‍යාපාරය.. අනිත් අය උදුරගන්න හදද්දී ... ඒ පොඩි වයසට ඒ හැම දේකටම සාර්ථකව මුහුණ දීලා.. නමන්ගෙ මහන්සියෙන් , ජීවිතේ ජය ගත්ත කෙනෙක්... එයා මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා වගේම වැඩිපුරම වෛර කරපු කෙනා උනේ... එයාගෙ පොඩි කාලෙ ආදරේ ... ලිලී.. නැත්නම් සාරා...

සාරා කියන්නෙ... පොඩි කාලෙ උන අනතුරකින්.. තමන්ගෙ අතීතය සම්පුර්ණයෙන්ම අමතක උන කෙනෙක්... ඇයගෙ පියා අහිමි උන දා පටන් , මවගෙත් පියාගෙත් දෙදෙනාගේම උනුසුම , රැකවරණය ඇයට ලැබුණේ.. ඇයගෙ මවගෙන්... ඇයගෙ මවත් ඇයව දාලා.. ජීවිතයෙන් සමු ගනිද්දී ... ඇයට මේ ලෝකේ ඉතුරු උනේ.. ඇගේ සහෝදරයා පමණයි... දහසකුත් බලාපොරොත්තු එක්ක.. ඇය සෝල් වලට එද්දී.. ඇයට මුලින්ම හමු උනේ.. නම්ජූන් ...

ඇත්තටම ... නම්ජූන් කියන්නෙ.. ලිලීගෙ soulmate.. එහෙමත් නැත්නම් ආත්ම සහකරු... ඔවුන් දෙදෙනාව කොතරම් ඈත් වෙලා ඉන්න හැදුවත්... ඔවුන්ගේ දෛවය , ඔවුන්ව මුනගස්වන්නේ ඒ නිසාම වන්නට ඇති ... නමුත් ... නම්ජූන් , අවුරුදු 13 කට කලින් ලිලීව අතහැරීමට ගත්ත තීරණය නිසා... ඔහුට.. මුළු ජීවිත කාලෙටම , ඔහුගේ ආත්ම සහකාරිය අහිමි උනා...

නම්ජූන් කවදාවත් , ඔහුගෙ ආදරේ ගැන.. හෙළි කලේ නැහැ... ඔහු ජීවත් වෙනකන්ම.. ඔහෙගේ හදවත ගැහුනේ ඒ ආදරේ වෙනුවෙන්ම පමණයි... අවසානයේදීත් ඔහුගේ ආදරේ ජීවිත් කිරීම හැකි උනේ.. ඔහුගේ ඒ හද ගැස්මටම පමණයි ...

Reborn ... එහෙමත් නැත්නම් නැවත ඉපදීම... සාරා ආයෙමත් වතාවක් ඉපදුනේ.. නම්ජූන් නිසයි...

ආදරේ කියන්නෙ උතුම් දෙයක් ... අපි ආදරේ කරන කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී... අඩුම ගානෙ පෙරලා ආදරේ කිරීමක්වත් බලාපොරොත්තු නොවී , කෙනෙක්ට තවත් කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් නම්.. ඒක ආදරේ අමරනීයයි... හරියට නම්ජූන්ගෙ ආදරේ වගේ...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now