Chapter 26

795 184 48
                                    

ටේ මොකක්හරි දෙයක් කරන්න ලෑස්ති වෙලයි හිටියේ .... වුන්සො ගැන එයාට තිබ්බෙ ලොකු තරහක්... මට බයයි එයා මොකක්හරි වැරැද්දක් කරයි කියලා ...

නම්ජූන් ඔප්පා, වුන්සො ගෙන් ඇත්ත දැනගන්න ගොඩාක් උත්සාහ කලත් ඒ කිසිම දේකින් වැඩක් උනේ නැහැ. එයා කොහොමටවත් වැරැද්ද භාරගන්න ලෑස්ති නැහැ.. ඔප්පා, හිටියේ එයාගෙ අප්පා ගැන ලොකු කලකිරීමකින්... මං බයේ හිටියේ , එයා මාව විශ්වාස කරන එකක් නෑ කියලා ... ඒත් , අනිත් හැම දේකටම වඩා , එයා මාව විශ්වාස කලා... ඒක මට ලොකු සහනයක් ....




එන්න එන්න දවස් ගෙවිලා ගියා .... ටේ , නම්ජූන් ඔප්පා ... වුන්සොගෙන් ඇත්තෙ එළියට ගන්න ගොඩාක් මහන්සි උනා... ඒත් මම හිටිය තත්ත්වෙ නිසා හැම තිස්සෙම, මගේ තනියට කවුරුහරි මගේ ළඟ හිටියා....

" ටේ.... කොහෙද යන්න හදන්නෙ.... ඔයා මට පොරොන්දු උනා මේ දවස් ටිකේ මගේ ළඟින් ඉන්නවා කියලා ... "

" කොහෙවත් නෑ මැනික... මට පොඩිම පොඩි වැඩ වගයක් තියනවා කරන්න ... ඔයාට තේරෙනව නේ... ජිමින්ට ඒ වැඩ තනියම කරන්නත් අමාරුයි. ගියා ආවා... වැඩි වෙලාවක් යන්නෙ නෑ... සාශත් ඉන්නව නෙ ඔයාගෙ තනියට... "

" ම්ම්ම්... හොඳයි .... එහෙනම් යන්න කලින් මට වතුර ටිකක් ගෙනල්ලා දෙනවද ... "

" හරි ඔහොම ඉන්නකො. මං ටක් ගාලා අරගෙන එන්නම්... "

ඇයි ටේ මං කියන දේවල් පොඩ්ඩක්වත් අහන්නෙ නැත්තෙ... දැනටමත් මං ඉන්නෙ ගොඩාක් බයෙන්, එහෙම එකේ... එයා විනාඩියකට මගේ ළඟින් ඈත් උනත් මට බය හිතෙනවා...

Messege Alert


ඇයි ඔයා තාම පරක්කු ටේහ්‍යුන් ඔප්පා... ඔයා මාව මගාරින්නද හදන්නෙ... අද එනවා නේද ඔයා... මං බලාගෙන ඉන්නවා අපි වෙනදා හම්බවෙන coffee shop එකට වෙලා...





යුන්රා.... මේ ... එයා නේද .... මොකක්ද මෙයා මේකෙන් අදහස් කරන්නෙ.... එතකොට ... එතකොට ටේ... මේ හදිස්සියේම යන්න හදන්නෙ එයාව හම්බ වෙන්නද .... හ්.... මට හිතාගන්නවත් බෑ... මෙච්චර මම කොහෙවත් යන්න එපා.. යන්න එපා කියද්දිත් ... එයා මේ ගෑනිව හම්බ වෙන්නද මේ යන්න හදන්නෙ එතකොට ... වාව්... නියමයි ටේ.. නියමයි... මෙච්චර දවසක් මම ඉවසුවා... ඒත් තවත් බෑ... මේ දේවල් ... මට තවත් දරාගන්න බෑ ... මාව... මාව මැරිල යයි... අද මම මේ හැම දේකම ඇත්ත හොයාගන්නවා... ඔව් ...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now