Chapter 14 🔞

1.7K 216 38
                                    

Warning 🔞

Taehyung's poov :

සාරා... එහෙමත් නැත්නම් ලිලී කියන්නෙ මගේ පුන්චි කාලෙ හොඳම යාළුවා. මං එයාට ආදරේ කරන්න ගත්තෙ ආදරේ කියන වචනෙ තේරුමවත් හරියට නොදන්න කාලෙක. ඒත් මගේ අප්පගෙ මරණය සිද්ධ වෙන දවසෙ එයා එතන හිටියා. එයාගෙ අප්පා තමයි මගේ අප්පව මගෙන් උදුර ගත්තෙ. කිසිම හිතක් පපුවක් නැතුව එයාගෙ අප්පා මගේ අප්පට වෙඩි තිබ්බට පස්සෙ එයා හුස්ම ඇද ඇද ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී එයා මගේ අප්පව එතන දාලා එයාගෙ අප්පා එක්ක පැනල ගියා... එදා සිද්ධ වෙච්ච දේ දැනගත්තට පස්සෙ මගේ අප්පට පස්සෙ මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා, මං මේ ලෝකෙ වැඩිපුරම වෛර කරන කෙනා උනා...

අප්පා නැති උනාට පස්සෙ මං හිටියෙ මිහිපිට අපායක. එදා ජිමින් මං වෙනුවෙන් හිටියෙ නැත්නම් මේ වෙනකොට මං කාත් කවුරුවත් නැති අසරණයෙක් විදියට මැරිලා ගිහින්....

මේ තරම් කාලයක් මම නොමැරී ජීවත් උනේ මගේ අප්පගෙ මරණෙට සම්බන්ධ උන හැම වැරදිකාරයෙක්ටම දඩුවම් දෙන්න ඕන උන නිසා..

ලිලී කියන්නෙත් මගේ අප්පගෙ මරණෙ තවත් එක වැරදිකාරයෙක් විතරයි. එයාව මං ආයෙත් සෝල් වලට ගෙන්නගත්තෙ එයාගෙ මාර්ගයෙන් මට Jung Hyun ව හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්කයි. ඒක නිසාම මම ලිලීව marry කරලා මගේ ළඟට ගත්තා....

ලිලීට රිද්දන හැම වාරයක් වාරයක්ම පාසා මං මටම රිද්දගත්තා... එයා වේදනාවෙන් කෑගහනකොට මට මාව නවත්තන්න ඕන උනත් මගේ අප්පගෙ මරණයේ අදුරු අතීතය මට ඒක කරන්න ඉඩ දුන්නෙ නැහැ.

එදා වැස්ස දවසෙ මං එයාව සෝජු ගේන්න කියලා බාර් එකට යැව්වත් එන්න එන්න වෙලාව ගෙවිලා යනකොට මම ගොඩාක් බය උනා..

" ඇයි මෙයා මෙච්චර පරක්කු... මොකක්හරි කරදරයක් වත් උනාද ...."

ඉවසගන්නම බැරි තැන මම එයාට call එකක් ගන්න හැදුවත් එයාගෙ phone එක ring වෙන සද්දෙ මට ගෙදර ඇතුලෙන් ඇහුනා.. ඒ කියන්නෙ එයා phone එක දාල ගිහින්...

වෙරි මත නිසා මට හරියට ඇවිදගන්න බැරි උනත් හිතේ හයියට නැගිටපු මම මහ වැස්සෙම එළියට බැස්සෙ ආයෙත් ගෙදර එන්නෙ එයාව එක්කගෙනමයි කියලා හිතාගෙන...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now