Chapter 17

1K 206 36
                                    

"Hi miss Sara... Nice to meet you "

"Nice to meet you too sir..."

" නම්ජූන් කෝල් කරපු වෙලාවෙ මට විස්තරේ කිව්වා. ඉතින් මාත් ඒ ගැන ටිකක් හොයල බැලුවා.. සිද්ධිය මීට අවුරුදු 7කට කලින් වෙච්ච දෙයක් නිසා අපිට දේවල් හොයාගන්න එක නම් එච්චර ලේසි වෙන එකක් නෑ.. ඒත් අපි උත්සාහ කරලා බලමුකෝ. මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඔක්කොම මම කරලා දෙන්නම්..."

Sara's poov :

නම්ජූන් ඔප්පගෙ උදව්වෙන් කිම් අජශ්ශිගෙ murder කේස් එක reopen කලත් ඇත්ත හොයාගන්නෙ කොහොමද කියලා බයකුත් මගේ හිතේ තිබ්බා...

ඒ වගේම competition එක වෙලාවෙ මම දැක්ක දේත් මගේ හිතට ගොඩාක් වද දුන්නා... මම මේක ගැන නම්ජූන් ඔප්පට කියන්න ඕන...

" ජුනී ඔප්පා.... මට ඔයාට කියන්න දෙයක් තියනවා..."

"ඔව් කියන්න සාරා..."

" එදා competition එක වෙලාවෙ මම දෙයක් දැක්කා... කිම් අජශ්ශිට වෙඩි තිබ්බ කෙනා මං දැක්කා... ඒත්.. ඒත් මට ඒ කෙනාව පැහැදිලිව පෙනුනෙ නැති නිසා ඒ කවුද කියලා හරියටම කියන්න බෑ... හැබැයි මම එක දෙයක් පැහැදිලිව දැක්කා... ඒ gun එක තිබ්බ කෙනාගෙ අතේ ලොකු කොළ පාට මුද්දක් තිබ්බා..."

" ඔය ඇත්තමද .... ඒක හොඳ හෝඩුවාවක් සාරා..... ඔන්න බලන්නකෝ අපිට ඉක්මනට මේ දේවල් වල ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි. එතකොට ඔයාට පුළුවන් ටේ ගෙන් නිදහස් වෙන්න ..."

"  ආ.... ඔව් ...අම්... ඔව් අපි බලමුකෝ..."

මට ටේ ගෙන් නම් වෙන් වෙන්න ඕන නැහැ.. ඒත් මට ඉක්මනට මේ දේවල් වල ඇත්ත නැත්ත හොයාගන්න ඕන...

නම්ජූන් ඔප්පගෙ උදව්වෙන් කොහොමහරි file එකත් reopen කරලා මම ගෙදර ඇවිල්ලා සෝෆා එකේ වාඩි උනේ ඇගට දැනුන තෙහෙට්ටුව නිසාමයි...
කම්මැලිකමටත් එක්ක wash එකක් දාගන්න කලින් මම TV එක on කරනවත් එක්කම....

" මෙලෙස ඝාතනය කර ඇත්තේ 21ක් හැවිරිදි තරුණයෙකි.. ඔහු මීට පෙර අමානුෂික ලෙස ඝාතනය කරනු ජීවු නම් තරුණයාගේ සමීපතමයෙක් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.. මෙහෙදී තවත් විදේශ කාරණාවක් වන්නේ මෙම තරුනයාද ඝාතනය කර ඇත්තේ ඔහුගේ ශිශ්ණය කපා දැමීමෙන් අනතුරුව සිදු කල දරුනු වධ හිංසා වලිනි... මෙම මාස කීපය තුළ මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයන් ඝාතනය කල තෙවන අවස්තාව මෙයයි... මෙලෙස පුද්ගලයන් ඝාතනය කිරීමට හේතුව කුමක්ද ... මෙයත් සාජ් අපරාධ කල්ලියේම ක්‍රියාවක්ද.. පොලීසියෙන් නියම අපරාධකරුවන් සොයා ගන්නා තුරු අපි අවධානයෙන් ..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now