Chapter 15

1.2K 214 43
                                    

" නම්ජූන් ඔප්පා... මට ඔයාගෙන් උදව්වක් ඕන......"

" කියන්න සාරා... ඕනම දෙයක් ... ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් මට..."

" ඇත්තටම මේකයි......"

Namjoon 's poov :

සාරා මට අතීතයෙ වෙච්ච හැම දෙයක්ම වගේ කිව්වා. ඒත්.. ඒත් මේක වෙන්න පුළුවන් දෙයක්ද. Jung Hyun ගෙ දුව, ටේහ්‍යුන්ගෙ පොඩි කාලෙ යාළුවා... ඒ.. සාරා වෙන්නෙ කොහොමද ... ඒ මගේ ලිලී නේ... මට මුකුත් තේරෙන්නෑ .... ලිලී , සාරා..මේ දෙන්නම එක්කෙනෙක්ද....

" සාරා.... ඔක්කොටම කලින් මට ඔයා ඔයාගෙ ඔම්මගෙ photo එකක් එවනවද... මොකද ... මට ඉස්සරහට ඒක ඕන වෙයිද දන්නෑ නෙ ඒකයි....."

" ආ.. පොඩ්ඩක් ඔහොම ඉන්නකො මගෙයි ඔම්මගෙයි ඉස්සර photo එකක් මගේ ළඟ තිබ්බා.. ඉන්න මං එවන්නම්..."

මේක.. මේක.. වෙන්න බෑ... ඔ.. ඔම්මා... ලිලී.... කොහොමද මෙහෙම දෙයක් උනේ... එතකොට ලිලී.. ඔයාගෙ ඇත්තම නම සාරද... ආ... ඇත්ත මං නම් මහ මෝඩයෙක්... මට කොහොමද ඒ ඇස් අමතක උනේ.. ඇයි මට හිතුන්නැත්තෙ ඒ ඇස් මගේ ලිලීගෙ කියලා .. මං නම් මහ මෝඩයෙක් ... එදා මං ඔයාව අදුනගත්තා නම් අද ඔයාට මේ වගේ දුක් විදින්න වෙන්නෙ නෑ ලිලී... ඇත්තටම මට සමාවෙන්න ..

" ජුනී ඔප්පා.... ඔයා අහගෙනද ඉන්නේ...."

" ආ.. ඔව්.. ඔව් මං අහගෙන ඉන්නෙ .. ඉතින් මට දැන් ඔයාට වෙන්න ඕන මොකක්ද කියලා කියන්නකො.."

" ඇත්තටම මේකයි.. ටේ හිතාගෙන ඉන්නෙ එයාගෙ අප්පව මැරුවෙ මගේ අප්පා කියලා. ඒත් මට මගේ අප්පා එහෙම දෙයක් කරයි කියලා හිතෙන්නෙ නැහැ... හැබැයි මෙහෙම දෙයක් තියනවා.. ටේ කිව්ව විදියට මගේ අප්පා තාමත් ජීවතුන් අතර ඉන්නවා.. මට තියෙන ප්‍රශ්නෙ එයා වැරැද්දක් කරල නැත්නම් ඇයි එයා මේ වගේ හැන්ගිලා ඉන්නෙ.. මෙතන මොකක්හරි අපි නොදන්න දෙයක් තියනවා ජුනී ඔප්පා.. මට ඒක හොයාගන්න ඕන.. ඔයාට පුළුවන්ද මට ඒකට උදව් කරන්න.. ඇත්තටම මං මේක ඔයාටම කියන්නෙ මට වෙන කියන්න කෙනෙක් නැති නිසා ... අනික ඔයාට ගොඩාක් connection තියන නිසා ඔයාට මට උදව් කරන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම...."

" හරි සාරා... ඔයා බය වෙන්න එපා .. මං කිව්වා නේ ඕන දේකට මං ඉන්නවා කියලා ... අපි අනිවාර්යයෙන්ම මේ දේවල් හොයාගමු හරිද .. ඕන දේකට මං ඉන්නවා...."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now