chapter 11

909 197 41
                                    

"අ..ආ.. ටේ.. ඔ..ඔයා.. ආවද ..මම මේ..උයන්න කියලා හැදුවෙ.. "

"මට කන්න බෑ . මහන්සියි. මම යනවා නිදාගන්න . ඔයා කාලා නිදාගන්න"

ටේ එහෙම කියලා හරිම මහන්සියෙන් එයාගෙ room එකට ගියා ...

"හරිම පුදුමයි. එයා මට කාලා නිදාගන්න කියලා නේද ඒ කිව්වෙ... එයාම උදේ මගේ කෑම එක විසි කරලා දැන් මට රෑට කාලා නිදාගන්න කියනවා.... අනේ මන්දා ... මට මේ මනුස්සයව ඇත්තටම තේරුම් ගන්න බෑ.."

සාරා රෑට කෑමත් හදලා කාලා නිදාගත්තා..

Time skipped

Next Day.

සාරා උදේම නැගිටලා උදේට කන්න කෑමත් හදලා wash එකකුත් දාගෙන ටේ නැගිටලා එනකන් බලාගෙන හිටියා.

ටේ wash එකක් දාගෙන ඇවිල්ලා කෑම කන්න කියලා ගත්තා සාරා එයාට කන්න sandwich ලෑස්ති කරලා තිබ්බා. Sandwich එක කටේ දාගත්ත ටේ එකපාරටම ඒක කටින් විසි කරලා දැම්මා....

"තූ..... shit .. මොනාද මේ ආ...."

"ඇ..ඇයි ..ටේ මොකක්ද උනේ...."

"ඇයි අහන්නෙ.. බලනවා මේකෙ හොඳටම ලුණු වැඩියි.. මනුස්සයෙක්ට කන්න පුළුවන්ද මේවා... තමුසෙ මගෙන් පලිගන්න හිතාගෙනද මෙහෙම කරන්නෙ ආ... එහෙනම් තමුසෙට වැරදිලා .. ඉන්නවා මම අද තමුසෙට පෙන්නන්නම් මම කවුද කියලා .."

"න්..නෑ ..නෑ..ටේ.. මම..මම ඇයි ඔයාගෙන් පලිගන්නෙ.. මට එහෙම ඕන උනේ නෑ ටේ... මම රස බැලුවා ටේ .. ඒත් එහෙම ලුණු වැඩියි කියලා මට දැනුනෙ නැහැ.. මේ ඇත්තමයි ටේ...."

"ආ.. ඒකත් එහෙමද ඒ කියන්නෙ තමුසෙට රස හරියට දැනෙන්නෙ නැහැ. එහෙම නේ... හිටපන් මං තමුසෙට හොඳට පහදලා දෙන්නම්."

එහෙම කියලා ටේ kitchen එකට ගිහින් ලුණු දාලා තිබ්බ බෝතලයක් අරගෙන ආවා....

"මේ මොනාද කියලා තමුසෙ දන්නවද "

"ල්..ලුණු ...."

"ඕ තමුසෙ දන්නව නේ.. එහෙනම් මේක ඉවර වෙනකන් කනවා.."

"ම්..මොකක්ද ..මේක කන්න..."

" ඇයි තමුසෙට එක පාරක් කිව්වම තේරෙන්නේ නැද්ද .. ඕක ඉවර වෙනකන් කන්න කියලයි මම කිව්වෙ."

එක පාරටම සාරා ගල් ගැහුනා. එයා හෙලවුනේවත් නැතුව ඒක දිහා බලාගෙන හිටිය නිසා ටේ එකපාරටම ඇවිත් සාරගෙ කොන්ඩෙන් අල්ලලා පිටිපස්සට ඇද්දා..ඒත් එක්කම අනිත් අතට ලුණු බෝතලය ගත්ත ටේ සාරගෙ කටට ඒක හලන්න හත්තා....

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now