Chapter 10

899 192 32
                                    

"මොකක් .....මගේ අප්පා.. එයා තාම ජීවත් වෙනවද.. ඒත්..එත්... එයා එදා Accident එක දවසෙ නැති උනා නේ...."

Taehyung :

"නෑ එයා තාමත් ජීවත් වෙනවා. Accident එකෙන් හරියටම මාස 7 කට පස්සෙ මම එයාව මගෙ අප්පගෙ සොහොන ගාව ඉන්නවා දැක්කා. මට එයාව අල්ලගන්න ඕන උනත් එයා එතනින් පැන ගත්තා. ඒත් එයා තාමත් ඉන්නෙ මෙහේ... සෝල් වල."

"ඒත් ටේ... ඔයා හිතනවද මේ තරම් කාලයක් ඔයාට හොයා ගන්න බැරි උන කෙනා මෙහෙම මාව marry කලාම හොයාගන්න පුළුවන් වෙයි කියලා . අනික මගේ ඔම්මා මට කියලා තියන විදියට මගේ අප්පා ගොඩාක් හොඳ කෙනෙක් . මට... මට හොඳටම විශ්වාසයි එදා අනිවාර්යයෙන්ම මොකක්හරි වැරැද්දක් වෙලා ඇති .. අනික මං ආ...... ටේ.. අතාරින්න ආ..."

සාරා එහෙම කියනවත් එක්කම එකපාරටම ටේ ආයෙත් එයාගෙ කොන්ඩෙන් ඇල්ලුවා ඒත් එක්කම එයාව ටේ ගේ ළඟට ඇදලා ගත්තා.

" තමුන්ගෙ ඔය විකාර තමුන් ළඟම තියාගන්න තරමට හොඳයි . අනික මේක හොඳට අහගන්නවා.. මට තමුන්ගෙ අප්පට වෛර කරන තරමටම තමුන්ටත් වෛර කරනවා. එදා එතන මගේ අප්පව මරන වෙලාවෙ තමුනුත් එතන හිටියා.. එහෙම නේද. මගේ අප්පට වෙඩි වැදිලා ලේ විලක් මැද වැටිලා ඉද්දී තමුන් එයාව දාලා ගියා. එත්න මගේ අප්පා නැතුව තමුන්ගෙ අප්පා හිටියා නම් තමුන් එහෙම කරනවද ආ... කතා කරනව ඉතින් "

ටේ එහෙම කියලා තවත් ටිකක් හයියෙන් එයාගෙ කොන්ඩෙන් ඇද්දා...

"ආ... ටේ අතාරින්න .... රිදෙනවා. අනේ මට මුකුත් මතක නෑ ටේ.. මේ ඇත්තමයි. ඒත් ... ඒත් මට හොඳටම විශ්වාසයි එදා මොකක්හරි වැරැද්දක් වෙලා තියනවා කියලා ..."

"අපි බලමු ලිලී... ඇත්ත තව කොච්චර කාලයක් හංගන්න පුළුවන් වෙයිද කියලා . අනික මට හොඳටම විශ්වාසයි තමුන්ගෙ අප්පා මේ වෙනකොට තමුන් මාව marry කලා කියලා අනිවාර්යයෙන්ම දැනගෙන ඇති. එයා දන්නවා මම තමුන්ව කවදාවත් සතුටින් තියන්නෙ නෑ නේ . ඒ නිසා එයාට එන්නම වෙනවා.."

එහෙම කියලා ටේ සාරගෙ කොන්ඩෙන් අතෑරලා කාමරෙන් එළියට යන්න ගියා . ටේ හිටියේ හිතේ ලොකු වෛරයක් එක්ක. ඒක නිසාම එයාට එයාගෙ තරහව කොහෙත්ම පාලනය කරගන්න පුළුවන් කමක් තිබ්බෙ නැහැ. එයාට ඕන වෙලා තිබ්බෙ එයාගෙ අප්පට කරපු දේට පලිය ගන්න.

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now