chapter 29

727 170 26
                                    

ඒ මේකද .... ටේ ගෙයි මගෙයි... ආදර කතාවෙ අවසානය... ඒ මේකද .... අඩුම තරමේ.. මට එයාගෙන් සමාව ගන්නවත් බැරි උනා .....





හැම දෙයක්ම... මට බොද වෙලා පේන්න ගනිද්දී ... මගේ කන් දෙකේ දෝන්කාර දුන්නේ , ටේ ගෙ කටහඬ විතරමයි....

" ඩොක්ටර් ... මගේ ලිලීව බේරිලා දෙන්න... අනේ ප්ලීස් ... මගෙ දරුවවයි.. මගෙ නෝනවයි බේරලා දෙන්න... අනේ ඩොක්ටර් ..... "



මට සමාවෙන්න ටේ.... මට ... ඔයාට දීපු පොරොන්දු එකක්වත් ආරක්ශා කරන්න බැරි වුණා .... අනේ දෙයියනේ ... මගේ ටේට තනිවෙන්න දෙන්න බැහැ... මට මොනවා උනත් කමක් නැහැ.... මගේ දරුවා.... එයාව ආරක්ශා කරලා දෙන්න....

දැන් මාව තියටර් එකට ගන්නයි හදන්නේ ... මෙතනින් පස්සෙ... මට ඔයාව ආයෙත් දකින්න ලැබෙන එකක් නැති වෙයිද ටේ.... මට සමාවෙන්න .... යන්න කලින්... අවසාන වතාවට , මට ඔයාගෙත් සමාව ගන්න ඕන....


" හ්... ආ... ට්...ටේ... මේ.. මේ අහන්න ... මට ... කියන්න දෙයක් ... තියනවා.... "

" කියන්න මැනික.. බය වෙන්න කිසිම දෙයක් නෑ හරිද... ඔන්න.. ඔන්න බලන්නකෝ ... අපේ පැටියයි , ඔයයි දෙන්නම... පරිස්සමින් මම ගෙදර එක්කන් යනවා.. ඔ.. ඔයා බය නොවී ඉන්නකෝ... මං අපේ ගෙදර ,අපේ චූටි බබාට ගැළපෙන්න , ලස්සනට හදලා තියෙන්නේ ... ඔ.. ඔයා අනිවාර්යයෙන්ම , ඒකට ආස වෙයි... "







එයා මගේ ඉස්සරහ බොරුවට රගපෑවත්... එයා ඉන්නෙ ලොකු බයකින් කියලා .. මට තේරුනා... බය වෙන්න එපා ටේ.. අපේ පැටියට.. මුකුත්ම වෙන්නෙ නෑ.. ඔයා ... ආයෙත් තනි වෙන්නෙ නැහැ ටේ.. ඉස්සරහට .. මට මොනවා වෙයිද කියන්න.. මම දන්නෙ නැහැ... ඒ නිසා.. අවසාන වතාවට.. මගේ ඇගෙ ඉතුරු වෙලා තියන ශක්තිය ඔක්කොම යොදවලා.. මම එයාගෙ අත හයියෙන් අල්ල ගත්තා....





" ට්.. ටේ... මට.. සමාවෙන්න ... ඔයාව සැක කලාට... මට සමාවෙන්න ... මට කියන්න ඕන ... මං .. ආදරෙයි ... ඔයාට .. හැම දේකටම වඩා... ගොඩාක් ආදරෙයි ... "







තියටර් එකට ගෙනියන්න කලින් එක තත්ත්පරේකට... මම එයාගෙ දෙතොල් වල පහස වින්දා... ඒත් එක්කම.. මගේ හදගැස්මෙ වෙනසක්.. මට දැනෙන්න ගත්තා.... මගේ ඇස් වලට , ලයිට් වල එළිය වැටෙද්දී ... ඉබේටම වගේ මගේ ඇස් පියවුනා.....





 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now