Chapter 21

893 197 55
                                    

අනතුරින් පස්සෙ ටේ මාව ගොඩාක් පරිස්සම් කලා... තුවාලෙත් එක්ක මට මගේ වැඩ කරන්න අමාරු උන නිසා ගෙදර හැම වැඩක්ම වගේ කලේ ටේ... මාව නාවන එක, කවන පොවන එක , මේ හැමදේයක්ම....

මට වෙඩි වැදුණ බව දැනගත්තම ඔප්පා ගොඩාක් බය වෙලා තිබ්බා.. ඒත් ටේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ටේ එයාට පැහැදිලි කරලා දුන්නට පස්සේ මාව මැරි කරපු හේතුව, මම ඔප්පට ඒ වගේ සලකන්න හේතුව, මේ හැම දෙයක්ම එයා ඔප්පට කියලා තිබ්බා... ඒ දේවල් දැනගත්තට පස්සෙ ඔප්පා ගොඩාක් දුක් උනා... එයා හිතුවෙ මට සිද්ධ උන හැම දේකටම වැරදිකාරයා එයා කියලයි... ටේ මට සලකපු විදිය දැනගත්තට පස්සෙ එයා ටේව මැරුවෙ නැති ටික විතරයි .... එයාට ඕන උනා මාව ටේගෙන් ඈත් කරලා ගෙදර එක්කගෙන යන්න... ඒත් ටේගෙයි මගෙයි ඇත්තම බැදීම දැනගත්තට පස්සෙ එයා හිත වෙනස් කරගත්තා... මාව ගෙනියන්න හදද්දී ටේ එයාගෙන් බැගෑපත් වෙච්ච විදියට එයා තේරුම් ගත්තා ටේට මං නැතුව ජීවත් වෙන්න බැරි බව....

මම pregnant කියලා දැනගත්තට පස්සෙ සාශයි කුකියි හැමදාම වගේ මාව බලන්න ආවා... කුකී නම් හැමදාම වගේ එද්දි ලොකුම ලොකු පලතුරු මල්ලක්ම අරගෙන එනවා.. එතකොට සාශා.. මේ දවස් ටිකේ එයා මාව බලාගත්තෙ හරියට අම්මා කෙනෙක් වගේ... ටේ නැති වෙලාවට මගේ වැඩ ඔක්කොම හොයලා බලලා කරන්නෙ එයා තමයි ... හැමෝම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ අපේ පුන්ච් පැටියා මේ ලෝකෙට එනකන්...

ඉපදෙන්න ඉන්න මගේ පුන්ච් පැටියගෙ ආරක්ශාව වෙනුවෙන් මම අනිත් හැම දේකින්ම ඈත් උනා... කිම් අජශ්ශිගෙ මරණෙ ගැන කිසිම දෙයක් ටික කාලයක් යනකන් හොයන්නෙ නෑ කියලා මම තීරණය කලා.... ඒත් මට දැනගන්න ලැබුණ විදියට ජුනී ඔප්පා ඒ දේවල් හොයන එක අතෑරලා නැහැ.. එයා දිගටම ඒ දේවල් හොයන්න ගත්තා.... ඒත් තාම එදා දවසින් පස්සෙ මං එයාව දැක්කෙම නැහැ... මං දන්නෙ නැහැ ඇයි එයා එහෙම කරන්නෙ කියලා ... ඇයි එයා මාව බලන්නවත් එන්නෙ නැත්තෙ...


දින, සති, මාස වලට ගෙවිලා නොදැනීම මාස තුනක් ගෙවිලා ගියා... මගේ පපුව ළඟ තුවාලය තරමක් දුරට සනීප වෙලා තිබ්බත් තවමත් ඒකට බෙහෙත් දානවා... මේ කාලෙ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාලයක් නිසා ටේ මගේ ළඟින් හෙල්ලුනේවත් නැහැ...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now