Chapter 18 🔞

1.5K 205 27
                                    

Warning 🔞



Taehyung's poov :

අන්තිමට මගේ හිතේ තියන හැම දෙයක්ම එයාට කියලා දැම්මා... මට ඕන උනේ නැහැ තවත් එයාට රිද්දන්න... එයා මට අකමැති නම් තවත් එයාව බලෙන් මගේ ගාව තියාගන්න මට ඕන උනේ නැහැ.. ඒත් ... එයා මට ආදරෙයි කියලා දැන ගත්තට පස්සෙ මගේ හිතට දැනුනෙ ලොකු සහනයක්.. ඒත් තවත් එයාට කියන්න බැරි , ලොකු දෙයක් තියනවා.. ඒක දැනගත්ත දවසට එයා මාව දාලා යයිද...

මගේ එහා පැත්තෙ නිදාගෙන ඉන්න ලිලීගෙ කම්මුල් පිරිමදින ගමන් මම එයාව මගේ ළඟට අරන් මගේ පපුවට තදින්ම තුරුලු කරගත්තා....

" ප්ලස් ... එදා කලා වගේ ආයෙ කවදාවත් මාව දාලා යන්න එපා... මට ආයෙමත් සැරයක් ඒක දරාගන්න බැරි වෙයි ලිලී..."

" දැන් කවුද ඔයාව දාලා යනවා කිව්වෙ ම්ම්..."

" නිදි නැද්ද ...."

මම හිමිට ලිලීගෙ නහයට හාදුවක් දීලා ආයෙමත් එයාව තුරුලු කරගත්තා..

" මගේ ආදරනීය මහත්තයා දුකින් ඉන්නකොට මං කොහොමද නිදාගන්නෙ.. ම්ම්... කවදාවත් ආයෙ ඔයාව දාලා මං කොහේවත් යන්නෙ නෑ හරිද .. ඒ නිසා ඒ ගැන ආයෙ හිතන්න එපා..."

" ම්ම්ම්.. පොරොන්දු වෙනවද ...."

Sara's poov

මම එයාගෙ දකුණු අත අරගෙන මගේ පපුව උඩින් තිබ්බා...

" දැනෙනවද ඔයාට මගේ හදගැස්ම...මං ඔයාව දාලා යන්නම යනවා.. හැබැයි ඒ මේ හදගැස්ම සදහටම නතර උන දවසට... එතකන් .. මං ඔයාව දාලා කොහේවත් යන්නෙ නෑ.. මං පොරොන්දු වෙනවා ..."

ටික වෙලාවක් මම ටේගෙ උනුහුමට ගුලි වෙලා එයාගෙ අත උඩ නිදාගත්තා...

Time skipped

One hour later

" ටේ... දැන් නැගිටින්න... කෑම ටිකත් ඔක්කොම සීතල වෙලා ඇති... දැන් මට ආයෙත් ඒවා රත් කරන්න වෙනවා..."

" ම්ම්ම්.... කෑම ගැන පස්සෙ බලන්න... ඔයා ඔහොම තව ටිකක් වෙලා ඉන්නකෝ..."

ටේ ආයෙමත් සැරයක් මගේ පපුවට තුරුල් උනේ හරියට පොඩි එකෙක් වගේ... මගේ පිස්සු කොල්ලා... මං ආදරෙන් එයාගෙ කොන්ඩෙ පිරිමැදලා හිමීට එයාව ඇදේ අනිත් පැත්තෙන් හාන්සි කෙරෙව්වෙ එයාට අවදි නොවෙන විදියට....

 REBORN 🚫 (By Sash) [ Completed ]On viuen les histories. Descobreix ara