Chapter 20

878 200 76
                                    

තත්පරයකින් මගේ පපුව පසාරු කරගෙන උණ්ඩයක් යනකොට මට දැනුනෙ කාලය නතර උනා වගේ... එන්න එන්නම මගේ හදගැස්ම වැඩි වෙනකොට මගේ කකුල් දෙක ඉබේටම වගේ පන නැති උනා... ඒත් එක්කම මාව බිමට වැටෙන්න හදනකොට කෙනෙක් මාව අල්ලගන්නවා වගේ මට දැනුනා... ඒත් එක්කම මගේ ඇගට දැනුනු සීතල නිසාම මම එයාගෙ උනුසුමට ගුලි වෙද්දී මගේ ඇස් ඉබේටම වගේ පියවිලා ගියා....



ඇස් අරිද්දි මම හිටියේ ඇදක හාන්සි වෙලා... ඒ මගේ කාමරේ නම් නෙවෙයි ... ඒත් එක්කම මගේ අතින් කවුරුහරි අල්ලගෙන ඉන්නවා වගේ මට දැනුනා... මගේ අත තදින්ම අල්ලගෙන මගේ ඇග උඩින් ඔලුව තියාගෙන පොඩි ළමයෙක් වගේ ටේ නිදාගෙන හිටියා... මම එයාගෙ පැත්තට හැරෙන්න උත්සහ කලත් මගේ පපුව ළඟින් ලොකු වේදනාවක් දැනෙනකොට තමයි මට වෙඩි වැදුණු බව මතකෙට ආවෙ... හිමීට අනිත් අතින් ටේ ගෙ කෙස් අතරෙ මගේ ඇගිලි ගෙනියනවත් එක්කම මම එයාට කතා කලා.....

" ට්..ටේ......"

හිමීට ඇස් ඇරලා එයා මගේ දිහා බලනකොට මට දැනුනෙ මගේ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ... අඩලා අඩලා ඒ ඇස් රතු වෙලයි තිබ්බෙ.. මුලු මූනම මැලවිලා ගිහින්...

" මැනික.. ඔයා නැගිට්ටද .. ඉන්න මං ඩොක්ටර් ට කතා කරන්න..."






" සාරා... ඔයාට දැන් කොහොමද ... ඔයාගෙ වාසනාවට උණ්ඩය නිසා ඔයාගෙ හදවතට කිසිම බලපෑමක් උනේ නැත්තෙ... තව ටිකක් එහේ මෙහේ උනා නම් ඒක කෙලින්ම ඔයාගෙ heart එකටමයි වැදෙන්නෙ.... අපි ඒක අයින් කරලා තියෙන්නේ ... දැන් ඉතින් ඔයාට ගොඩාක් පරිස්සම් වෙන්න වෙයි.. කෑම බීමෙන් උනත් පරිස්සම් වෙන්න.. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න.. මහත්තයා ඉන්නවා නෙ එයා හැම දේම බලා ගනීවි... කොහොම උනත් ඔය රහස් පරීක්ෂක වැඩ ආයෙ තියාගන්න එපා... තව ටිකෙන් ජීවිත දෙකක්ම නැති වෙනවා නෙ..."

" දෙකක් කිව්වෙ... ඔප්පා...නම්ජූන් ඔප්පට කොහොමද .. එයා හොදින් නේද ... ටේ කොහෙද නම්ජූන් ඔප්පා.. එයාගෙ අතට ආයෙමත් තුවාල උනා.. එයාට බෙහෙත් දැම්මද ... එයා හොදින් නේද ...."

" ඕ... නෑ... මිසිස් සාරා... නම්ජූන් හොදින්.. එයාට කිසිම ප්‍රශ්නයක් නෑ .... අපි එයාට බෙහෙත් දැම්මා.. එයාගෙ තුවාලෙ මැහුම් ගැලවිලයි තිබ්බෙ.. ඒත් දැන් ඒක හරි ... ඒත් මම කතා කරන්නෙ ඔයාගෙ බබා ගැන... ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕන... තේරුනාද ... මිස්ටර් ටේහ්‍යුන් .. ඔයාගෙ wife ව පරිස්සමින් බලාගන්න එක ඔයාගෙ වගකීමක් .... ආයෙත් මෙහෙම දෙයක් උනොත් ඔයාලගෙ බබාගෙ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුළුවන් ... තේරුනා නේ.. එහෙනම් මම යනවා... take care mrs Sara..."







 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now