Chapter 24

845 194 65
                                    

Namjoon's poov :

මට ලිලීට ආයෙමත් සැරයක් කරදර කරන්න ඕන උනේ නැහැ.... ඒක නිසා මං එයාව හම්බවෙන්නෙ නැතුව ඉන්න තීරණය කලා... ඒත් දවස් දෙක තුනක් ගෙවිලා යනකොට ... මට එයාව නොබලා ඉන්න බැරි උනා... ඒ නිසාම මම හොරෙන්ම වගේ එයා දිහා බලාගෙන හිටියා... හැම මාසෙම එයා ටේහ්‍යුන් එක්ක ක්ලිනික් යනකොට කාටවත් නොපෙනෙන්න ඈත ඉදලා , මම එයාලා දිහා බලාගෙන හිටියා... ලිලී හිටියේ හරිම සතුටින්... එයාගෙ දිලිසෙන ඇස්, පිරුනු මූනෙන්, ඒක හොඳටම පේනවා... ටික ටික එයාගෙ උදරය, එළියට පේන තරමටම ලොකු වෙනකොට මට එයාගෙ ළඟ ඉදලා එයාව පරිස්සමට බලාගන්න ඇත්නම් කියලා හිතුන වාර ගාන අනන්තයි... ලිලීට ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා දැනගත්තට පස්සෙ මට දැනුනෙ පුදුමාකාර සතුටක්... මං ඒ වෙලාවෙ තනියම කෑ ගැහුවෙ පිස්සෙක් වගේ ... ටික වෙලාවකට, මට දැනුනෙ ඒ දරුවා මගේ කියලා ...

එයා ළඟින් ඉන්න බැරි උනත්... මම, මගේ අනිත් හැම වැඩක්ම කරන අතරේ එයා ගැන හොයන්නත් වෙලාවක් වෙන් කර ගත්තා..... සාශා එක්ක එයා එළියට එනකොට මමත් එයාලගෙ පස්සෙන්ම ගියා.... පොඩි ළමයෙක් වගේ ආසාවෙන් එයා කෑම කන හැටි මම ඈත ඉදලා බලාගෙන ඉන්නකොට තමයි මම දැක්කෙ සාශා මාව දැක්කා කියලා.. ඒ වෙලාවෙ ඉක්මනට එතනින් යන්න හැදුවත් ලිලී කෑ ගහනවා ඇහුන නිසා මම ඉක්මනට එයාගෙ ළඟට දුවලා ගියා....


සාශගෙ කකුල උලුක්කු වෙලයි තිබ්බෙ... ඒ නිසා මම එයාව ගෙදර ගිහින් ඇරලුවා... ඒත් ලිලීට ගෙදර යන්න ඕන උනේ නැහැ... ඒ නිසා මං එයා එක්ක මුලු හවසම මුහුදු වෙරලෙ ගත කලා... එයා හැසිරෙන්නේ හරියට පොඩි ළමයෙක් වගේ... එයා ඉන්න තත්ත්වෙ සමහර වෙලාවට, එයාටම අමතක වෙනවා... එයා උඩ පැනලා කෑගනකොට මගේ මුලු ඇගම සීතල වෙලා ගියා... මං හිටියේ කොයි වෙලාවකහරි එයා වැටෙයි කියලා බයෙන්... ඒ නිසා එක විනාඩියකටවත් මං එයාගෙ ළඟින් හෙල්ලුනේ නෑ...


ලිලී අයිස්ක්‍රීම් කන වෙලාවෙ බබා පයින් ගැහුවම මම ගොඩාක් කලබල උනා... ඒත් එයා මගේ අත එයාගෙ බඩ උඩින් තිබ්බම , මට ඒ චූටු පැටියගෙ චලනයන් දැනෙන්න ගත්තා... මාස 6 ක් තිස්සෙ ඈත ඉදලා මං එයා දිහා බලාගෙන හිටියට, අද තමයි මට එයාව දැනුනෙ... ඒ වෙලාවෙ ඉබේටම වගේ මට කෑගැහුනෙ, සතුට වැඩි කමට... මගේ ඇස් වල සතුටු කදුලු පිරෙන්න ගත්තත් , ඒවා එකක්වත් බිමට නොවැටෙන්න මම වගබලා ගත්තා....


 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now