Chapter 28

942 185 55
                                    

"වුන්සෝ..."





අපි හැමෝගෙම ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට පෙරලන්න හේතු උන කෙනා... කිම් අජශ්ශිව මරපු කෙනා... මගේ අප්පා මානසික රෝගියෙක් වෙන්න හේතු උන කෙනා... මූනට මූන හම්බවෙන්න , මම අකමැත්තෙන්ම හිටපු කෙනා... දැන් .. මේ විදියට .. මගේ ඉස්සර හිටගෙන ඉන්නවා... මගේ අත් දෙක වගේම කකුල් දෙකත් , ඒ වෙනකොට පුටුවට තියලා ගැටගහලයි තිබ්බෙ... මම හිටිය තත්ත්වෙත් එක්ක , මගේ ඇග පුරාම කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක් පැතිරිලා ගියා...

මුළු කාමරේම ගොඩාක් අඳුරුයි... වුන්සෝ ඇරෙන්න .. තව කීපදෙනෙක්ම එතන ඉන්නවා කියලා මට තේරුනේ... කීපදෙනෙක්ගෙ සෙවනැලි අතරින් පතර මට පෙනුන නිසා... සාශවත් කාමරේ කොනේම තිබ්බ පුටුවක ගැටගහලා තියනවා මම දැක්කා... එයාට තාම සිහිය ඇවිත් නැහැ.... වුන්සොව දැක්කට පස්සෙ.. මගේ උගුර කට ඔක්කොම වේලිලා ගියත්... මට එයාට කතා කරන්න වෙනවා... මට මොනවා කලත්.. මගේ දරුවටයි , සාශටයි මුකුත්ම වෙන්න දෙන්න බැහැ...






" ව්.. වුන්සෝ... ඔ.. ඔයාට මොනවද ඕන කරන්නෙ... මට යන්න දෙන්න... කරුණාකරලා... ඔයා මට මොනවා කලත් කමක් නැහැ... ඒත්.. ඒත් මට මගේ දරුවට ජීවිතය දෙන්න ඕන... ඒ නිසා.. කරුණාකරලා... මම බැගෑපත් වෙනවා.. මට යන්න දෙන්න... "

" ම්ම්ම්... යන්න දෙන්න... තාම ඔය දරුවා.. ආවා විතරයි නේ... අපි ටිකක් ඉදලා ... කතා බහ කරමු... බයවෙන්න එපා... ඔය දරුවා මාව දන්නෙ අද ඊයක ඉදලා නෙවෙයි නේ.. මීට අවුරුදු ගානකට කලිනුත් අපි හම්බ උනා... එහෙම නේද ... මං හිතනවා.. ඔයාට මාව මතකයි කියලා ... "

" විකාර කියවන්න එපා... තමුන් හොඳ මනුස්සයෙක් නෙවෙයි ... තමුන් , තමුන්ගෙම එක කුස උපන් සහෝදරයව මැරුව , මිනීමරුවෙක්.... තමුන් අපායටමයි යන්නෙ... "

" ඕ... අතපය ගැටගහලා තිබ්බට , කටේ සැරේ නම් අඩුවක් නෑ නේ .... ඔයාව දැක්කම.. මට ඔයාගෙ අප්පව මතක් වෙනවා... ඔයත් හරියට ඒ වගේමයි... ඔයා කතා කරන විදිය... හැසිරීම ... ගොඩාක් දුරට.. ඔයාගෙ අප්පට සමානයි..."

" ඔව් ... ඒවා සමානයි .. මොකද මං එයාගෙ දුව නිසා... "

" ම්ම්... ඒක හොඳ දෙයක්.. ළමයි හැදෙන්න ඕන.. දෙමව්පියෝ වගේ තමයි ... "

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now