මීදුම් 05

1.2K 224 16
                                    

මීදුම් .....5

එක පාරක් ඇහැරූනු නිසාද මන්ද ආපහු නිදාගන්න ට්‍රයි කරත් නින්ද යන පාටක් තිබ්බෙ නෑ... එටෙක නිසා මන් ඇදෙන් නැගිටල බාත් රුම් ඒකට ගිහිල්ල නිදිමතතේම දත් මදින්න පටන් ගත්ත..
ටිකෙන් ටික නිදි මත අඩු වෙද්දි මන් බලන් ඉදියෙ සින්ක් එකට උඩින් එල්ලල තියන කනාඩියෙන් පේන මගෙම රූපෙ නිසා..

නින්දෙන්ම ඇදේ එහෙ මෙහෙ පෙරලිලා මගෙ කොන්ඩෙ අවුල් වෙලා ගිහිල්ල නිකන් කපුටු කූඩුවක් වගේ ...
මන් එක අතකින් දත් මදින ගමන් අනික් අතෙන් යන්තම් එහෙ මෙහෙ කරල කොන්ඩෙ හදාගත්තා...
දත් මැදන් එහෙමම මන් ගියෙ ශවර් එක යටට... දැනෙන හීතල දරාගෙනම මන් නාන්න පටන් ගත්තා..

............................................................

" ගුඩ් මෝනින් මීදුම් මහත්තය...ලොකු සර් කතාකරා හැමෝටම කන්ෆරන්ස් රූම් එකට එන්න කියල මීටින් එකකට..."

ඔෆිස් එකේ  වැඩ කරන කෙනෙක් මගෙ කැබින් එකට ඇවිල්ල පනිවිඩේ දීල ටක් ගාල යන්න ගියා....

අනේ මන්ද ඇවිල්ල සීට් එකේ වාඩි වෙලා විනාඩි පහක් යන්න උනේ නෑ... මොන කෙහෙල් මලකට උදෙන්ම මීටින් ගන්න්වද මන්ද... අනික අද මීටින් ගන්න දවසකුත් නෙවෙයිනෙ...

මන් හිතෙන් බනින ගමන් පෙරලගෙන ඉදපු ෆයිල් එක වහල දාල  මේසෙ උඩ තිබ්බ ෆෝන් එකත් අතට අරන් සීට් එකෙන් නැගිට්ට...

...............................................................

මන් කන්ෆරන් රූම් එකේ දොර ඇරන් රූම් එක ඇතුලට යද්දි මැනේජ්මන්ට් බෝඩ් එකේ ගොඩ දෙනෙක් ඇවිල්ල හිටිය...
ඇත්තටම මොකක්ද දන්නෙ නෑ මේ හදිස්සියෙම අපෙ ලොක්කට කියන්න තියෙන්නෙ...

මන් එහෙම හිතන ගමන් ගිහිල්ල සීට් එකකින් වාඩි උනා...

" ආ... ගුඩ් මෝනින් මීදුම්..."

"ගුඩ් මෝනින් කල්ප... මොකද බන් මේ අද උදෙන්ම මීටින් එකක්..."

"අනේ මන්ද බන්  කොහොම හරි අද චෙයාමන් සරුත් එන කතාවක් කිව්ව..."

" එච්චර ලොකු මීටින් එකක්ද බන්..."

"ඒක තමා බන් මාත් බැලුවෙ..."

අපෙ කම්පැනි එකේ CEO මිස්ට නිලන්ත.. මේ කම්පැනි එක විතරක් නෙවෙයි තම කම්පැනි චේන් එකකම අයිති කාරය...
ඒත් එයාගෙ බිස්නස් පාලනය කරන්නෙ එයාගෙ ලොකු පුතා... ඒ කියන්නෙ අපේ බොසා...
මන් දැකපු නිහතමානීම වගේම ටැලන්ටඩ්ම මිනිස්සුන්ගෙන් කෙනෙක්... මොකද එයාගෙ දැනුම වගේම මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහ ඇත්තටම පුදුමාකාරයි..
මන් හිතන්නෙ ඒ දේවල් ලැබිල තියෙන්නේ ලොකු සර්ගෙන්.. සරුත් ලන්කාවෙ බිස්නස් ෆීල්ඩ් එකේ දැවැන්ත චරිතයක් ඒත් පුදුම නිහතමානී මනුස්සයෙක් ...
මන් දන්න තරමින් එයාට තව පුතෙකුයි දුවෙකුයි ඉන්නව ඒත් මන් එයාලව දැකලනම් නෑ...

මීදුම්.Where stories live. Discover now