මීදුම් ...12

931 169 22
                                    

මීදුම් ....12..

කීප පාරක්ම මන් ආදිත්‍ය සර්ගෙ නොම්බර් එකට කෝල් ගත්ත.. ඒත් රින්ග්ස් යනව විතරයි.. ආන්සර් කරන්නෙ නෑ...
ඒත් එක්කම මගෙ හිතට ආවෙ..
උබ ගන්න කෝල් ආන්සර් කරන්න උබ සර්ගෙ කව්ද කියල..
ඒ සිතුවිල්ලත් එක්ක මන් අන්තිම වතාවටත් කෝල් එකක් අරන් ඒක කට් උන නිසා ඇදේ හාන්සි වෙලා ඇස් පියාගත්ත...

ඒත් නින්ද යනන මොහොතකට කලින් මගෙ මතකෙට ආවෙ එකම එක දෙයයි..
ඒ මාත් එක්ක ලස්සන විදිහට හිනා වෙවී ඉන්න ආදිත්‍ය සර්ගෙ මතකයන්...
...........................................................

ලොකු අයියගෙ බලකිරීම නිසාම මන් සිකුරාදාත් ගෙදර ඉදිය... කොහොමත් මන් වැඩිය නිවාඩු අරන් නොතිබුන නිසා ඒක ගැටලුවක් උනෙත් නෑ...

දවල් වෙද්දි කල්පත් කෝල් කරා...ඒ පිස්ස එක්ක ඉතින් වල් පල් කියව කියව ඉදිය උනත් මට අහන්න බැරි උනා ආදිත්‍ය සර් ගැන...

සිකුරාදාත් හවස් වෙද්දි සාගර් අයිය ආපහු ආව...
අයියල දෙන්නත් එක්ක ගාඩන් එකේ තියන ටේබල් එකට වෙලා බියර් දෙකක් බොනව  මන් දැක්කෙ සාගර් අයිය එක්ක කතා කරන්න කියල හිතන් පහලට බහිද්දි...

" සුදු අක්කා... කෝ අයිය..."

මන් කුස්සියට ගිහිල්ල පැන්ට්‍රි එකේ ටයිල් අල්ලපු හරියෙ වාඩි වෙලාකකුල් පද්දන ගමන් ඇහුව.

" අන්න ගාඩන්  ගියා සාගර් එක්ක..."

"ඒ මොකෝ දන්නෙ නෑ ගෙයි ඇතුල රස්නෙ වැඩිලුද..."

මන් එහෙම කිව්ව ගමන් අක්ක කර කර ඉදපු වැඩේ නවත්තල හිනා වෙන්න ගත්ත..

අක්කයි මායි දෙන්නම දන්න දෙයක් තමයි අයිය යාලුවෙක් එක්ක එලියෙ බෙන්ච් එකට යන්නෙ ඩ්‍රින්ක් එකක් ගන්න කියල..
අනික  අක්ක දන්නව මන් අයියගෙ ඒ පුරුද්දට පොඩ්ඩක් වත් කැමති නෑ කියල..

" අපෝ මූනෙ තියන ලස්සන මැට්ටගෙ..."

අක්ක ලගට ඇවිල්ල කනෙන් අදින ගමන් කියන් ගියා...

"දන්නවනෙ සුදූ... එයා ඔය වගේ බොන්නෙ එයාට ගොඩාක්ම ෆිට් කෙනෙක් එක්ක විතරයි කියල.. අනික එයත් කොල්ලෙක්නෙ සුදූ..."

මීදුම්.Where stories live. Discover now