මීදුම් 42

523 109 49
                                    

මීදුම් ....42


" එතකොට ඔයාව අපි බලාගන්නව කිව්වොත් ඒකටත් ඔයා විරුද්දද..."

"උමේශ් අංකල්.."

" ඔව් උමේශ් අංකල් තමා...ඇත්තටම බන් සාගර්  .. ආයි කියන්න ඕනි නෑ මේකත් අර ජාතියම තමා පේන්නෙ නැද්ද හිතුවක්කාරකම..."

උමේශ් අංකල් අප්පච්චියි මමයි ඉන්න තැනට ඇවිල්ල කියද්දි අප්පච්චිගෙ මූනෙ අමුතුම හිනාවක් මැවුනා... අනේ මන්ද ඒ හිනාවෙ දුක වගේම අමුතුම සතුටක් රැදිල කියල මගෙ හිත කිව්ව...

" හිතුවක්කාර කම විතරක් නෙවෙයි බන්.. කරන හැම වැඩක්ම  ඒ ජාතියම තමා.. "

" අනේ ප්ලීස් මේ මමත් මෙතන ඉන්නව ඔය දැන් කා ගැනද  කතා කරන්නෙ අනික මාව කාටද ඔය සමාන කරන්නෙ මන් වගේ තව කවුරුත් නෑ මේ ලෝකෙටම මමයි වන් ඇන්ඩ් ඔන්ලි මීදුම්..."

" අම්මෝ දන්නව දන්නව.. ඉතින් පුතේ ඔයා අප්පච්චි ගිහිල්ල එනකම් පරිස්සමින් උමේශ් අංකල්ල එක්ක ඉන්නවද.. මගෙ හිත නිදහස් ඔයා එයාල එක්ක ඉන්නවනම්..."

" හරි අප්පච්චි... "

" මගෙ හොද කොල්ල...."

එහෙම කියන ගමන් අප්පච්චි මාව තුරුල් කරගත්ත..

" අම්මෝ මැදැයි නාකි හුරතලේ..."

උමේශ් අංකල් කියද්දි මට හිනා..

" ඕව ඊරිසියාවට කියන කතා පුතේ පුතා ගනන් ගන්න එපා..."

"අඩේ පලයන් බන්.. මට කොල්ලොම දෙන්නෙක් ඉන්නෙ මන් මොකට ඊරිසියා වෙන්නද..."

උමේශ් අංකල් කියද්දිම තව කෙනෙක් එතනට ආව..

" ඒකනෙ අප්පච්චි අනික අප්පච්චිට මන් ඉන්නවනෙ නේද.."
තාරක අයිය බබා වගේ  කියන ගමන් ඇවිල්ල උමේශ් අංකල්ට හේත්තු  වෙද්දි අපි ඔක්කොම හිනා වෙන්න ගත්තා..

..................................................................
ලන්කාවෙ කරන්න තිබ්බ අනික් වැඩ ටිකත් ඉක්මනටම පිලිවල  කරපු අප්ප්පච්චි මාව උමේශ් අංකල්ට බාර දීල  ලන්කාවෙන් ගියෙ වැඩ ටික ඉවර උන ගමන් ආයි ලන්කාවට එනව කියන ගමන්..
අප්පච්චිව එයාපෝට් එකෙන් දාල අපි ආයි එද්දි මගෙ ඇස් වලින් කදුලු බින්දු කඩන් වැටුන..
ජීවිතයෙ මෙච්චර කාලෙකට අප්පච්චි නැතුව ඉන්න පලවෙනි වතාව මේක මොකද රට ඉද්දි  අප්පච්චි හැම වෙලාවකම වගේ මන් ගැන හොයල බලන් මගෙ ලගින් ඉදිය එයා කොච්චර බිසී උනත් මන් වෙනුවෙන් හැම වෙලාවකම එයාට කාලය තිබ්බ. ඒත් එක පාරටම ඒක වෙනස් වෙලා අප්පච්චි මාව ලන්කාවෙ දාල යද්දි මට දැනුනෙ මහ අමුතු හුදකලා බවක්.. හරියට මගෙ නැගිටල ඉන්න තිබ්බ හයිය එක පාරටම නැති වෙලා ගියා වගේ...

මීදුම්.Where stories live. Discover now