මීදුම්..16

824 171 14
                                    

මීදුම් ....16

මගෙ ඉස්සරහ තිබ්බ දොර ඇරෙද්දිම මාව ගැස්සිලා ගියා...ඒත් මන් ඒක පිටට පේන්න දුන්නෙ නෑ.. අනේ මන්ද මොකක්දෝ හේතුවක් නිසා මගෙ හිතේ පොඩි ගැස්මක් ඉතිරු වෙලා...

ඇරුනු දොර අතරින් හන්සිකා මිස් ඔලුව
දාල කතා කරන්න ගත්ත ..

"ආ... මේ ඔයානෙ මන් බැලුව කව්ද කියල...එන්න ඇතුලට..."

හන්සිකා මිස් මට ඇතුලට එන්න දොර ඇරගෙන කියද්දි මට හිතුනෙම මේකෙනම් මොකක් හරු අඩව්වක් අල්ලනම තමයි හදන්න්ව් කියල..
මන් ඉතින් යන්තම් හිනා වේන ගමන් ගේ ඇතුලට ආව...
මන් ඇතුලට ආවහම දොර එහෙමම තියෙන්න තියපු   එයා මගෙ ලගටම ආව...

" ඉතින් මීදුම් අයිය.. මොකද මේ හදිස්සියෙ අපිව මතක් වෙලා..."

"හ්ම්ම්.. ආ... ..ආ මිස්... මන් ආවෙ මේ අනුශ්ක සර්ට කියල ෆයිල් වගයක් චෙක් කරගෙන සයින් කරගන්න මේ ටික අදම යවන්න ඕනි හදිස්සි ඒව ටිකක්..."

"හ්ම්ම්ම්... ඒක තමයි මෙයා වැඩටනෙ ඇවිල්ල තියෙන්නෙ මන් හිතුව කාව හරි බලන්න ඇවිල්ල කියල..."
හන්සිකා මිස් මට ඇහැක් ගහන ගමන් කියද්දි මන් යන්තම් හිනා උනා.. ඒත් මට එයා ඒ කියපු කතාව එච්චර ඇල්ලුවෙනම් නෑ...

"  අයියෝ වාඩිවෙන්න හලෝ හිටගෙන ඉන්නෙ නැතිව.. ඔය උස ගිහිල්ල තියන තර්ම් මදෑ...."

එහෙම කියල තත්පරයක් යන්න උනේ නෑ මේ පිස්සු කෙල්ල මහ හයියෙන් කතා කරන්න ගත්තා...

" ලොකු අයියේ... මෙන්න ඔයාගෙ මස්සිනා පොඩ්ඩ ඇවිල්ල ඔයාව අහනවා...."

ඒක ඇහුනහම නම් මට හිතුන පොලව පලන් යන්න.. ඒත් හිතට ආපු ලැජ්ජාව වෙනුවට තත්පර ගානක් යද්දි මගෙ හිත අමුතුම බයකින් පිරිල ගියා...
දෙයියනේ.. මෙයාල දන්නෙ කොහොමද.. අනික ලොකු සර්ලත් ගෙදර ඉන්නවද දන්නෙ නෑ. අනේ දෙයියනේ...අදනම් මන් ඉවරයි...

මගෙ හිත කෑ ගහ ගහ  කියද්දි මන් පුටුවෙන් වාඩි උනා නෙවෙයි එහෙමම මාව පුටුව උඩට වැටුන...

මගෙ අතේ තිබ්බ ෆයිල්  ටික පුටුවෙන්ම පැත්තකින් තිබ්බ මන් ලොකු හුස්මක් ගත්ත...

මන් දන්නෙ නෑ මට මොන වගේ දේකට මූන දෙන්න වෙයිද කියල ...ඒත් මන් ආදිට ආදරෙයි.. ඒ  ආදරේ..වෙනුවෙන් මන් ඕනි දෙයක් කරනව...

මීදුම්.Where stories live. Discover now