මීදුම් ...37

632 123 33
                                    

මීදුම් ....37

ආදිත් එක්ක ඉස්සරහට ඇවිල්ල අපි නිහාන් අයියගෙ ගෙදර ඉස්තෝපපුවෙ තිබ්බ සිමෙන්තිවලින් හදපු බෙන්ච් එකෙකින් වාඩි උනා...
වටෙන්ම කවර් වෙලා තියන නිසා යාන්තම් ගහන හිරිකඩ පාරක් විතරයි  එතනට ආවෙ කොච්චර වැස්ස උනත් අනික එතනට වටපිටාව මාරම ලස්සනට පෙනුන..

නිහාන් අයිය දුන්න කෝපි කෝප්පෙ තාම රස්නෙට අතේ තියනව නේද කියල මට මතක් උනේ එතකොට මන් ඒක ආදිගෙ අතට දීල ආදිගෙ ඇග වගේට මගෙ අත් දෙක යවල ආදිව මගෙ තුරුල්ලට ලන් කරගත්ත මන් වචනයක් වත් නොකිය ආදිගෙ උනුහුම විදින ගමන් කදුයායට වැටෙන ඒ ලස්සන වැස්ස දිහා බලන් ඉදිය...

ටික ටික හවස් වෙලා අදුර වැඩි උනත් වැස්ස නවත්වන පාටක් නෑ වගේ..
ඒත් ඒ වැස්ස දිගටම වහිනවට මගෙ හිතේ මොකද්දෝ මන්ද කැමැත්තක් තිබ්බ.. ආදි මගෙ උනුහුමට තුරුල් වෙලා ඉදිද්දි මමත් එය ලගම ඉන්න මේ වගේ ලස්සන මොහොතක් ආයි අපේ ජීවිතයට කවදා  එයිද  කියල මට කියන්න බෑ ඒ  නිසා මට ඕනි උනේ මේ ගෙවෙන හැම්ම තත්පරයකම ආදිගෙ උනුහුමෙන් වගේම මතකයන්ගෙන් පුරෝගන්න..
අනික අනුශ්ක අයියගෙ ආදරේ එයාට ලැබුන එකත් මගෙ හිතට ලොකුම.ලොකු සැනසීමක්...

"" සුදූ... මන් ඔයාට ගොඩක් ආදරෙයි... "

වැස්සෙ සද්දෙන් විතරක් පිරිල තිබ්බ පරිසරයෙ හඩ මැද්දෙන් ආදි කතා කරද්දි මන් එයා දිහාට හැරුන...

" මන් දන්නෙ නෑ  සුදූ.. උබ නිසා මගෙ ජීවිතය පිලිවලක් වෙලා වගේ මට  දැනෙන්න පටන් අරන් සුදු.. මන් පිස්සෙක් වගේ කාර් එක්කයි ක්ලබ් ගානෙයි පිස්සු නට නට මහා සෙල්ලකාර ජීවිතයක් ගත කරපු කොල්ලෙක්.. ඒක නිසාමද මන්ද අප්පච්චි මාව ලන්කාවට ගෙන්න ගත්තෙ...
ඒත් මන් ඒ තීරනයට කවදාවත් විරුද්ද උනේ නෑ මොකද ඒක නිසයි මට මගෙ සුදූව ලැබුනෙ..  ඔයා දන්නවද මම විතරක් නෙවෙයි අපේ මුලු පවුලම උබ නිසා හිනා වෙනව බන්.. වැඩිය ඕනි නෑ අයිය දිහා බලපන්... උබ අපේ ජීවිතය නොඑන්න මේ දේවල් මේ විදිහට කවදාවත් වෙන්නෙ නෑ....
උබට පින් මගෙ සුදු.. මටයි මගෙ අයියටයි ආපහු අපේ ජීවිත වලට පාර කියල දුන්නට.."

"මොනාද ආදි මේ කියන්නෙ... "

"මන් ඇත්ත කියන්නෙ සුදූ.. "

මීදුම්.Where stories live. Discover now