මීදුම් ...18

730 152 9
                                    

මීදුම් ....18

"මීදුම්... මීදුම්... මොකද මේ..."

අපේ පිටිපස්සෙ ඉන්න කෙනා දිහා මන් බය වෙලා  බලන් ඉද්දි ආදි මගෙ අතින් අල්ලල හොල්ලන ගමන් අහද්දි මන් ඒ ගැන අවදානෙ දෙන්නෙ නැතුවම ඉස්සරහ බලන් ඉදිය්..

අනේ මන්ද ඒ ඇස් වල තිබ්බ කේන්තිය වගේම බලාපොරොත්තු කඩ වීම දැක්කහම මට දැනුනෙ මගෙ කකුල් දෙක පන නැතුව යනව වගේ.. ඒත් එක්කම එයාගෙ පිටිපස්සෙ හිටපු එක්කෙනාව දැක්කහම මට කලින්ටත් වඩා මගෙ පපුවෙ බර ගතියන් දැනෙන්න ගත්තා...

ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදල ඒ දෙන්න එතනින් වේගෙන් යන්න යද්දි මමත් ඒ දෙන්න පස්සෙන් යන්න හැදුව ඒත් ආදි මට යන්න නොදී මාව අල්ල ගත්ත...

" සුදූ... අනේ කතා කරනවකො.. මොකද මේ බය වෙලා..."

" ලොකු.. අයිය..."

මන් වෙව්ලන කට හඩින් කියද්දි ආදිට ඔක්කොම තේරෙන්න ඇති කියල මට හිතුන..

මන් එහෙම කියල ආයිත් අයියගෙ පස්සෙන් යන්න හදද්දි  ආදි මාව නවත්ත ගත්ත..

" මට යන්න දෙන්න.. ප්ලීස්... "

"ශ්.... මේ මන් කියන දේ අහන්න.. "

"බෑ.. අනේ මට යන්න දෙන්න ආදි.. ප්ලීස්..."

මන්  එහෙම  කියල ආයිමත් එයාගෙන් ඈත් වෙන්න හදද්දි එය මගෙ කම්බුල් වලට අත් දෙක තියන් මගෙ ඇස් දිහා බලන්න පටන් ගත්තා..

" සුදූ ... කෝ... මේ මගෙ දිහා.. බලන්න...

ප්ලීස් ... මන් කියන දේ අහන්න.. ප්ලීස්..."

එයා එහෙම කියද්දි මන්න් දගලන එක නතර කරා..

" මගෙ දිහා බලන්න...."

ආදි ආදරේ පිරිච්ච කට හඩින් කියද්දි මන් එයා දිහා බැලුව...

" බය වෙන්න එපා මොකුත් වෙන්නෙ නෑ හරිද... මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ... ඒක නිසා අපි කලබල නොවී වැඩ කරමු.. හරි නේද..."

ආදි එහෙම කියද්දි මම එයා කියන දේ ගැනත් හිතන්න ගත්තා.. ඇත්තටම කලබල වෙන එකෙන් වෙන හොදක් නෑ.. ඒක නිසා කලබල නොදී කරන දෙයක් කරන්න ඕනි

ආදි කතාකරපු විදිහට ඇත්තටම මගෙ හිත පොඩ්ඩක් තැනපත් උනා ඒක නිසාම මන් බය වෙන එක නවත්තල කල්පනා.
කරන්න ගත්ත.. ආදිත් මගෙ අතින්  අල්ලගෙන මාත් එක්කම පහලට ගියා..

මීදුම්.Where stories live. Discover now