මීදුම් 48

474 102 17
                                    

මීදුම් ....48

" ගුඩ් මෝනින් මීදුම්...."
හුරුපුරුදු කටහඩක් ලගින්ම ඇහුන නිසා මන් උලුව උස්සල ඒ දිහා බැලුව..

" නිකිල් සර්... ගුඩ් මෝනින්...."
"අන්න ආයි සර් කෑල්ලක් ගැහුව...දැන් අපි ඔෆිස් එකේ නෙවෙයිනෙ ඉන්නෙ ලමයො වෙනද වගේ මගෙ නමින් කතාකරන්න...."

නිකිල් එහෙම කියාගෙන මගෙ ලගින් වාඩි වෙද්දිම තමා මන් දැක්කෙ එයාට හරියටම පිටිපස්සෙන් ඉදන් මගෙ දිහා බලන් ඉන්න ගගන් සර්ව...
මෙච්චර වෙලා  නිදහසේ තිබ්බ හිත එක පාරටම කුනාටුවක් ආව වගේ කලබල වෙද්දි මන් ඒක පිටතට පේන්නෙ නැති වෙන්න වැඩ කරන්න ගොඩාක් ලොකු ට්‍රයි එකක් දුන්න..

" ගුඩ් මෝනින් ගගන් සර්...."

මන් මගෙ හිතේ දගලන හැගීම් ගොන්න තද  කරගෙන ගගන් සර්ගෙ දිහා හැරිල කියද්දි ඒ මූනෙ පලවෙනි වතාවට යාන්තම් හිනාවකින් පිරෙනව මන් දැක්ක

" ගුඩ් මෝනින්..."

පුරුදු ආඩම්බර කමෙන්ම කියන් නිකිල්ට එහාපැත්තෙන් ගගන්  සර් වාඩි වෙද්දි මන්   බෑක් එක ඇතුලෙ තිබ්බ පොත් ටික එලියට ගත්තෙ විසිරිලා තියන හිත පුලුවන් තරමින් එකලස් කරගන්න ගමන්..

............................................................................................

නිකිල්ල ඇවිල්ල විනාඩි දෙක තුනක් යද්දි ප්‍රොෆෙසර් ඇවිල්ල  ලෙක්චර් එක පරන් ගත්ත නිසා මගෙ අවදානෙ  පාඩම එක්ක රැදුන.. ඒක නිසාම පැය දෙකක් යනකම්ම මගෙ අවදානෙ තිබ්බෙ ලෙක්චර් එක දිහා...
විටෙන් විට බෝඩ් එකෙන් ඇස් අහකට අරගෙන ගගන් සර් දිහා බලන්න ලොකූ උවමනාවක් මට දැනුනත් මන් ඒකට හිතට ඉඩ දුන්නෙම නෑ...

" අම්මෝ ඇති යන්තම ඒක ඉවර උනා..."

ලෙක්චර්  එක ඉවර වෙලා ප්‍රොෆෙසර් හෝල් එකෙන් එලියට යනකම් ඉදපු නිකිල් කියන්න ගනිද්දි මන් ලිය ලිය ඉදපු අන්තිම නෝට් එක කම්ප්ලීට් කරල ඒක ආයි කියෙව්ව...

" ඔය මැදෑ ...කියෙව්ව....වරෙන්කො එලියට යන්න...."

ගොඩ කාලෙක ඉදන් අදුරන යාලුවෙක් වගේ නිකිල් මගෙ උරහිස්සකට අතක් තියන ගමන් කියද්දි මට එක පාරටම බැලුනෙ ගගන් සර් දිහා.. එයත් මගෙ පැත්ත බලන් ඉන්නව කියල දැක්කෙ මන් ඒ වෙලේ
මන් එක පාරටම බලපු නිසා එයාට වෙන පැත්තක් බලාගන්න වෙලාවක් තිබුනෙ නෑ ... මගෙ ඇස් හැමදාම නතර වෙන් ඒ ආඩම්බර ඇස් අද ලගටම දකිද්දි තමයි මන් ඒ ඇස් වල පාට හරියටම දැක්කෙ...
අදුරු අලු පාටට හුරු දුබුරු පාට ඇස් මගෙ ඇස් එක්ක යාවෙලා ඇස් පිය ගහද්දි මට දැනුනෙ ඒකෙ පුදුමාකාර හුරු පුරුදු බවක්... මන්ද ඒක වචන වලට ගලපන්න අමාරු හරිම අමුතු හැගීමක් කියල
මගෙ හිත මටම කියද්දි  ගගන් සර් ටක් ගාල ඉදගෙන හිටපු තැනින් නැගිට්ට...

මීදුම්.Where stories live. Discover now