මීදුම් 34

562 110 23
                                    

මීදුම් ....34

හැමදාම ආදිගෙ උනුහුමත් එක්ක ඇහැරෙද්දි දැනෙන හැගීම මේ සීතලෙන් පිරුනු පරිසරය හින්ද අද කවමදාටත් වඩා දැනෙනව කියල මට දැනුන..
ඊයෙ දවසෙ මතකයන් එක්ක ආදිව මට තවත් ලන් වෙලා කියන එකයි මට දැනුනෙ.. අනික් එක්ක පොඩි ලමෙක් වගේ මගෙ පපුවට තුරුල් වෙලා අහිංසක විදිහට නිදන් ඉන්න විදිහට.. ඒ මූනෙ පිරිල තියන ඒ නිදහස් හැගීම් ගොන්න දැක්කහම මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා...

මට ඒ හැගීම් එක්කම ආදිගෙ නලල කිස් කරේ ආදි මේ දැන් මාව දාල යයි වගේ හැගීමකින්...

" සුදූ..."

නිදි කියල මන් හිතන් ඉදපු ආදි එක පාරටම මට කතා කරද්දි මන් ටිකක් ගැස්සුනා..

" ගුඩ් මෝනින්... මන් හිතුවෙ නිදි කියල..."

"නිදාගන්නෙ කොහෙද මේ පිස්සු කොල්ලෙක් මාව කිස් කරන්න ගත්තනෙ හොරෙන්ම..."

"ආ ඇත්තද පව් නේද .."

මන් එහෙම කියන ගමන් ආදිට ආයි කිස් එකක් දුන්නහම ආදි ඔලුව උස්සල මන් දිහා බැලුව...

" සුදූ..."

"ඇයි..."

"උබ ඔහොම පිස්සෙක් වගේ මට ආදරේ කරන්න එපා බන්.. "

"මොකද මේ උදේම විකාර කියන්නෙ.."

"නෑ නෑ.. උබ මාව පිස්සෙක් කරල බන් දැන් උබගෙ ආදරේ නැතුව මට බෑ වගේ.. ගෙදර ඉදියත් උදේට නැගිටින්නෙ උබ ලග ඉන්නව කියලා හිතන්.. එහෙම නැගිටල උබ ලග නැති උනාම මාට පිස්සු වගේ . ඒක නිසා ටක් ගාල ඇදගෙන ඔෆිස් එකට දුවනව උබව බලන්න... මට බයයි සුදූ... උබ මගෙන් ටිකක් හරි ඈත් උනොත් මට ඒක දරාගන්න පුලුවන් වෙන එකක් නෑ..."

" ඔහොම කියන්න එපා මෝඩයො.. අනික මන් දන්නෙ නෑ ලිමිට් තියන් ආදරේ කරන්න.. අනික මට මොනා වෙන්නද..."

" හරි සර්.."

එහෙම කියල ආදි මගෙ මූනට තව ටිකක් ලන් වෙලා මාව කිස් කරන්න ගත්ත...

ආදිගෙ තොල් මගෙ තොල් වල පැටලිලා ටිකක් වෙලා යද්දි මට පොඩි වේදනාව දැන්ද්දි ආදියත් මගෙ වෙනස තේරුනා වගේ මගෙ ලගින් ඈත් වෙලා මගෙ මූන දිහා බලන්න ගත්ත...

මීදුම්.Where stories live. Discover now