මීදුම් 46

474 101 30
                                    

මීදුම් ...46


දැනිල තියනවද ජීවිතය එක තත්පරයකට නතර වෙනව.. වටපිටාවෙ වෙන හැම දේම අමතක වෙලා එකම දෙයක් ලග හුස්ම නතර වෙනව.. ඒ ඇස් දැකපු පලවෙනි වතාවෙදිම මට දැනුනෙ ඒ හැගීම...
මොකද්ද දෙයියනේ මේ වෙන්නෙ
මන් මගෙන්ම ඇහුවෙ මොකද මේ වෙන්නෙ කියල තේරුම් ගන්න බැරි උන නිසා..
හේතුවක් කියාගන්න බැරි ජීව්තයෙ කවමදාවත් දැනිල නැති අමුතුම හැගීමක් එක්ක මගෙ මුලු ආත්මයම නතර වෙලා කියල දැනෙද්දි..මන් කරපු එකම දේ ඒ ඇස් දිහා බලන් ඉදපු එක..
ඒ ඇස් මගේ ඇස් ලග එක මොහොතක් නතර වෙද්දි මට දැනුන ඒ ඇස් ටිකක් පුදුමයකින් වගේ ගැස්සෙනව කියල ඒත් එක තත්පරයක් මගෙ ඇස් ලග නතර උන ඒ ඇස් ආඩම්බර කමක් මවාගෙන අහක බලාගනිද්දි මගෙ පපුවට මහ අමුතුම බරක් දැනුන....
ආඩම්බර හිනාවක් පුරෝගෙන ඒ ඇස් මගෙ ලගින් ඈත් වෙන තත්පරයක් ගානෙම මගෙ හිත කෑ ගහ ගහ කිව්වෙ එයාට යන්න නොදී තියාගනින් කියල ඒත් ඒක අපි දෙන්න වෙනම ලෝක දෙකක ජීවත් වෙන්නෙ කියල මට දැනෙද්දි මන් බලෙන්ම ඒ බැල්මෙන් ඇස් අහකට ගත්ත...

" ගුඩ් මෝනින් සර්..."

මන් හැර එතන ඉදපු හැමෝම සීට් එකෙන් නැගිටල කියද්දි ඒ යන්නෙ මෙතන ලොක්ක කියන එක අදුර ගන්න මට තවත් සාක්ශි ඕන උනේ ..නෑ..

.............................................................

මන් කොයි තරම් ඒ මතකයන් අමතක කරල දාන්න හැදුවත් ඒකට මගෙ හිත හදාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...
මන් හිටියෙ වෙනමම ලෝකෙක නතර වෙලා හිර වෙලා වගෙ...

" එක්ස්කියුස් මී සර්.. "

"ඔහ්... සෝරි..."

"ඒකට කමක් නෑ සර් මොකද්ද වෙන්න ඕනි..."

" ම්... මන් තර්ඩ් ෆ්ලෝ එකේ ඉදල මේ එන්නෙ මේ මගෙ එපොයිමට් ලෙටර් එක මට යන්න ඕනි ඩිරෙක්ශන් එක කියන්න පුලුවන්ද..."

"ආ ඉට්ස් ඕකේ සර් මට පොඩ්ඩක් ලෙටර් එක දෙන්න පුලුවන්ද.."

මම හිත පුරා විසිරිලා තියන හැගීම් එක ගොන්නකට එකතු කරගන්න ගමන් මගෙ අතේ තිබ්බ ලෙටර් එක අර ගෑනු ලමයට දුන්න...

" ආහ්.. ඕකේ සර් එන්න මන් සර්ට කැබින් එක පෙන්නනම්...."

එහෙම කියපු එයා ඉස්සර වෙලා යද්දි මමත් එයාගෙ පස්සෙන්ම් ගියා

මීදුම්.Where stories live. Discover now