මීදුම් 19

696 151 8
                                    

මීදුම් ...19

මගෙ කොන්ඩෙ අතරින්  සිනිදුවට මගෙ ඔලුව අත ගාද්දි මන් ඇස් පියාගෙනම ඒ සනීප ගතිය විදගත්ත..
ඒත් එක්කම මට ගොඩාක් හුරු පුරුදු  හැගීමක් දැනෙද්දි    මන් පියාගෙන ඉදපු ඇස් දෙක යන්තම් ඇරල බැලුව...

"ලොකූ...."

ඇදේ මගෙ ගාවට  වෙලා වාඩි වෙලා ඉදපු අයිය මගෙ ඔලුව අතගානව දැක ගමන් මන් එතනින් ටක් ගාල අයින් උනා...
හිතල කරා නෙවෙයි නිකන්ම එහෙම උනා... අනේ මන්ද අනික හවස උන දේවල් නිසා කොහොමත් මගෙ හිත තවම ගැස්සිලා කියල මට දැනුන..

අයිය තාම වෙරි පිට ඉන්නෙ කියල රතු වෙලා තිබ්බ ඇස් දෙක දැක්ක ගමන් මට හිතුන.. ජීවිතයෙ කවදාටත් වඩා .. මට මහ පුදුමාකාර අසරන කමක් තමයි මට ඒ මොහොතෙ දැනුනෙ...
පුංචිම කාලෙ ඉදන්ම මාව පරිස්ස්මට බලාගත්තු මනුස්සයා වැටෙද්දි නැගිට්ටවපු මනුස්සය..
ඉස්කෝලෙදි මට චන්ඩි පාට දාපු කොල්ලන්ට ගහල මිස්ලගෙන් ගුටි කාපු මනුස්සයම... අද මට කවුරුත් ගහල නැති විදිහට  ගහල එයාගෙ ඇස් ඉස්සරහට පේන්නවත් එන්න එපා කියල එලවල දාපු විදිහ මතක් වෙද්දි...
ඒ වේදනාව ඇග පතින් දැනුනු වේදනාවටත් වඩා වැඩි වෙලා මාව රිද්දද්දි මන් හිමින් සැරේ ඇදෙන් බැස්ස...

" මල්ලි... කොහෙද ඔය යන්නෙ .... "

අයිය මන් ඇදෙන් නැගිටිනව දැක්ක ගමන් අහල එයත් ඇදෙන් නැගිට්ට...

" සොරි මිස්ට මන් ඔයාව දන්නෙ නෑ ඒක නිසා මගෙ රූම් එකෙන් යනවද..."

හිත රිදි රිදී කෑ ගහද්දි මන් හිත තද කරල කියල දැන්මෙ මටත් දරාගන්න පුලුවන් සීමාවක් තියන නිසා...
එයාට මාව එපා කියල බනින්න පුලුවන් තරම් බැනල ගහලත් පැන්නුවට පස්සෙ තවත් මොනා කියල මන් කියන්නද 

" මොකක් .. උබට මක් වෙලාද ඔලුව කොහෙ හරි වැදුනද... ඈ...".
ලොකු අයිය මොකුත් නොවුන ගානට අහද්දි මට ඇත්තටම කේන්ති ගියා...

"ප්ලීස් මිස්ට මන් ඔයාව දන්නෙ නෑ.. මට අයිය කෙනෙක් ඇත්තෙත් නෑ .. ඒක නිසා කරුනාකරල මගෙ රූම් එකෙන් එලියට ..."
ඉතිරි ටික කියන්න කලින් අයිය ආපහු මට  එකක් ගැහුව...

" මොකක්ද බල්ලො උබ කිව්වෙ...."

"මන් කිව්වෙද මට අයිය කෙනෙක් නෑ කියල ... මොකද මගෙ අයිය කියල හිතන් ඉදපු කෙනාම මගෙ මූනටම කිව්ව තවදුරටත් මාව එයාගෙ මල්ලි විදිහට පිලිගන්න එකත් ලැජ්ජාවක් කියල..."

මීදුම්.Where stories live. Discover now